මහ කන්නයේ සිට යූරියා පොහොර මිටියක මිල රුපියල් 5000ට වඩා අඩු මිලකට

ලබන මහ කන්නයේ සිට යූරියා පොහොර මිටියක මිල රුපියල් 5000ට වඩා අඩු මුදලකට ගොවීන්ට ලබා දීමට රජය කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ඊයේ (10) තිස්සමහාරාමයේ පැවැති ගොවි හමුවකට සහභාගි වෙමින්.

තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන වැඩ සටහන ඊයේ හම්බන්තොට ජුල්පල්ලම හා කාවන්තිස්සපුර යන ප්‍රදේශවල දී ආරම්භ වූ අතර ඒ සඳහා පැවැති ගොවි ජන හමුවට සහභාගි වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා..

“පසුගිය කාලයේ පොහොර ඇටයක්වත් ගොවි ජනතාවට ලැබුනේ නැහැ. එවැනි වකවානුවක අපි 2022 යල කන්නයේ දී යූරියා පොහොර ගොවි ජනතාවට ලබා දුන්නා. ඒ වනවිට වෙළෙඳ පළේ යූරියා පොහොර මිටියක මිල රුපියල් 42,000ත් ඉක්මවා ගොස් තිබුනා. නමුත් අපි රුපියල් 10,000ට දුන්නා. ඒ සමගම පුද්ගලික අංශය විසින් පොහොර මිල අඩු කිරීම නිසා මේ වනවිට යූරියා මිල රුපියල් 11,000 දක්වා අඩු වුණා. නමුත් පසුගිය මහ කන්නයේ අපි ගොවීන්ට බන්ඩි පොහොර හා යූරියා පොහොර දෙකම දුන්නා. ඒ වගේම මෙවර යල කන්නයේ අපි රජය වශයෙන් මඬ පොහොර සියලු ගොවීන්ටම නොමිලයේ දුන්නා. වගා කන්න තුනකට පසුව මෙවර මහ කන්නයේ දී ගොවීන්ට මඩපොහොර, යූරියා පොහොර හා බන්ඩි පොහොර යන පොහොර වර්ග තුනම ලබා දීමට පියවර ගත්තා. පසුගිය මහ කන්නයේ දී රුපියල් 19,500ට ලබා දුන් බන්ඩි පොහොර අපි මෙවර රුපියල් 15,000 දක්වා රුපියල් 4,500කින් අඩු කළා. ඒ වගේම ලබන මහ කන්නයේ දී අපි යූරියා පොහොර මිල තවත් අඩු කරනවා. දැන් පුද්ගලික අංශයේ පොහොර මිල වැඩි කර තිබෙනවා. යූරියා පොහොර මෙට්‍රික් ටොන් 22,500ක් සහිත නැවක් අද වරායට ආවා. අපි මේවා ලබන සඳුදා සිට සියලුම ගොවි ජන මධ්‍යස්ථානවලට යවනවා. ඒ වගේම අපි ලබන 15දා සිට යූරියා පොහොර මිටියක මිල රුපියල් 9000දක්වා අඩු කරනවා. එවිට පුද්ගලික අංශයටත් මිල අඩු කරන්න සිදු වේවි. කොහොම වුනත් ලබන මහ කන්නයේ සිට යූරියා පොහොර මිටියක මිල රුපියල් 5000ට වඩා අඩු මුදලකට අලෙවි කිරීමට අපි කටයුතු කරනවා. එතකොට ගොවි ජනතාවට එම වරප්‍රසාදය භුක්ති විඳින්න ලැබෙනු ඇති.” යනුවෙන් අමාත්‍යවරයා සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14