Empty Ad
AFC Banner
Empty Ad

මහ කන්නයේ අස්වැන්නේ කිලෝග්‍රෑම් ලක්ෂ 16කට අධික ප්‍රමාණයක් ආරක්ෂක බලකායේ ගබඩාවල

ශ්‍රී ලංකාව තුළ ආහාර සුරක්‍ෂිතතාව ඇති කිරීම උදෙසා කෘෂි ව්‍යාපෘති ක්‍රියාත්මක කරමින් රට තුළ ආර්ථික සංවර්ධනය නගා සිටුවීම සඳහා සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව සුවිශේෂී දායකත්වයක් දක්වනවා.

සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තු සාමාජිකයන්ගේ ශ්‍රම දායකත්වයෙන් පසුගිය වර්ෂයේ මහ කන්නයේදී දිවයිනේ විවිධ ප්‍රදේශවලට අයත් අක්කර 4471ක වී වගාව සිදු කිරීමෙන් ලබා ගත් අස්වැන්න වී කිලෝග්‍රෑම් ලක්ෂ 16කට ආසන්න ප්‍රමාණයක් මේ වන විට (20) සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තු බලකායන්ට අයත් වී ගබඩාවල ගබඩා කර ඇති ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කළේ.

සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තු අධ්‍යක්‍ෂ ජනරාල් (විශ්‍රාමික) මේජර් ජෙනරල් කේ.ඒ.පි.පි ප්‍රනාන්දුගේ උපදෙස් හා මඟපෙන්වීම මත සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ සියලුම වී අස්වනු ලක්වැසියන්ගේ පරිභෝජනය සඳහා රජයේ පාලන මිල ගණන් යටතේ සමුපකාර තොග වෙළඳ සංස්ථාව වෙත ලබා දීම දැනට සිදු කරමින් පවතිනවා.

මීට අමතරව අක්කර 305 ක පමණ භුමි ප්‍රමාණයක බඩඉරිඟු වගා කර ඇති අතර එම වගාවන්ගේ අස්වනු නෙලීම ද මේ වනවිට ආරම්භ කර තිබෙනවා.

ආර්ථික භෝගයක් වශයෙන් පොල් ද අතුරු භෝග වශයෙන් පළතුරු සහ එළවළු මෙන්ම කුරක්කන්, තල ආදී ධාන්‍ය වර්ග ද වගා කර වෙළඳපොළට නිකුත් කරමින් ශ්‍රී ලංකාව තුළ ආහාර සුරක්ෂිතතාව ඇති කිරීම වෙනුවෙන් සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව සිය උපරිම දායකත්වය ලබාදෙමින් සිටින බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතරගම පිංබිමට ඇතුල්වීමේ දී අයෙකු - එලොව යැවූ - 10ක් රෝහලට යැවූ බිහිසුණු අනතුර
00:38
Video thumbnail
මාධ්‍යවේදීන් මගහැර ලිස්සලා යන්න හැදුව සජබ ප්‍රබලයෙකුට වෙච්ච දේ
01:30
Video thumbnail
මේ පාරත් දිනන එන දිනනවා - ලොවෙත් නැතිවෙන්නම #rathnagamage #npp #anurakumaradissanayake
02:58
Video thumbnail
88 - 89 අඳුරු අතීතය නිලයටම අල්ලලා කිව්ව කතාවක්
08:29
Video thumbnail
නලීන් - සුනිල් එළියට දාන ලැයිස්තුවල ඇත්ත නැත්ත රෝහණ කියයි
09:19
Video thumbnail
ඇමති විජිත ට්‍රැවල් ඒජන්සිවලින් ඩිනර් පාටි අරං booking.com එකට බදු ගහන්න යනවා
21:49
Video thumbnail
ගල්පාතෙන් හමු වූ නාදුනන කාන්තා මළ සිරුර
00:44
Video thumbnail
මේ හොර දොස්තරලා අල්ලලා පෙන්නන්න සෞඛ්‍ය ඇමතිට දසත අපි අභියෝග කරනවා - Dasatha Search Light
09:23
Video thumbnail
ගල්පාතෙන් හමු වූ නාදුනන කාන්තා මළ සිරුර
01:37
Video thumbnail
දේශබන්දුට ගෙවල් 08ක් තියෙනවා හරක් කටාට වඩා දේශබන්දු අපරාධකාරයෙක්
02:05

?