මහ කන්නයේ අස්වැන්නේ කිලෝග්‍රෑම් ලක්ෂ 16කට අධික ප්‍රමාණයක් ආරක්ෂක බලකායේ ගබඩාවල (ඡායාරූප)

ශ්‍රී ලංකාව තුළ ආහාර සුරක්‍ෂිතතාව ඇති කිරීම උදෙසා කෘෂි ව්‍යාපෘති ක්‍රියාත්මක කරමින් රට තුළ ආර්ථික සංවර්ධනය නගා සිටුවීම සඳහා සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව සුවිශේෂී දායකත්වයක් දක්වනවා.

සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තු සාමාජිකයන්ගේ ශ්‍රම දායකත්වයෙන් පසුගිය වර්ෂයේ මහ කන්නයේදී දිවයිනේ විවිධ ප්‍රදේශවලට අයත් අක්කර 4471ක වී වගාව සිදු කිරීමෙන් ලබා ගත් අස්වැන්න වී කිලෝග්‍රෑම් ලක්ෂ 16කට ආසන්න ප්‍රමාණයක් මේ වන විට (20) සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තු බලකායන්ට අයත් වී ගබඩාවල ගබඩා කර ඇති ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කළේ.

සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තු අධ්‍යක්‍ෂ ජනරාල් (විශ්‍රාමික) මේජර් ජෙනරල් කේ.ඒ.පි.පි ප්‍රනාන්දුගේ උපදෙස් හා මඟපෙන්වීම මත සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ සියලුම වී අස්වනු ලක්වැසියන්ගේ පරිභෝජනය සඳහා රජයේ පාලන මිල ගණන් යටතේ සමුපකාර තොග වෙළඳ සංස්ථාව වෙත ලබා දීම දැනට සිදු කරමින් පවතිනවා.

මීට අමතරව අක්කර 305 ක පමණ භුමි ප්‍රමාණයක බඩඉරිඟු වගා කර ඇති අතර එම වගාවන්ගේ අස්වනු නෙලීම ද මේ වනවිට ආරම්භ කර තිබෙනවා.

ආර්ථික භෝගයක් වශයෙන් පොල් ද අතුරු භෝග වශයෙන් පළතුරු සහ එළවළු මෙන්ම කුරක්කන්, තල ආදී ධාන්‍ය වර්ග ද වගා කර වෙළඳපොළට නිකුත් කරමින් ශ්‍රී ලංකාව තුළ ආහාර සුරක්ෂිතතාව ඇති කිරීම වෙනුවෙන් සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව සිය උපරිම දායකත්වය ලබාදෙමින් සිටින බවයි වාර්තා වන්නේ.

WhatsApp Image 2025 03 19 at 20.33.42
WhatsApp Image 2025 03 19 at 20.33.35
WhatsApp Image 2025 03 19 at 20.33.34 1
WhatsApp Image 2025 03 19 at 20.33.34
WhatsApp Image 2025 03 19 at 20.33.33 2
WhatsApp Image 2025 03 19 at 20.33.33 1
WhatsApp Image 2025 03 19 at 20.33.33


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04