මහේස්ත්‍රාත් තිළිණ ගමගේ සිය සහෝදරයෙක් වෙනුවෙන් අධිකරණ සේවා කොමිෂන් සභාවේ පිහිට පතයි

රුපියල් ලක්ෂ 90ක අල්ලස් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින බස්නාහිර පළාත් හිටපු මන්ත්‍රී සලෝචන ගමගේ තමාගේ සහෝදරයෙකු වන බැවින් එම නඩු කටයුත්ත වෙනත් අධිකරණයක් වෙත මාරු කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ඉල්ලමින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම්වරයා වෙත ලිඛිතව දන්වා යවා තිබෙනවා.

අල්ලස් සිද්ධීන්වලට අදාළ නඩු කටයුතු විභාගයට ගැනීම තම අධිකරණයට පැවරී ඇති කටයුත්තක් නමුත් ඉහත සඳහන් කළ කරුණ හේතුවෙන් එම නඩු කටයුත්ත විනිශ්චය කිරීමට තමාට හැකියාවක් නොමැති බව ද ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා එම ලිපිය මගින් පෙන්වා දී ඇති බවයි දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ.

එම නඩුව විභාගයට ගැනීම සඳහා වෙනත් සුදුසු මහේස්ත්‍රාත්වරයකු පත් කරන ලෙස ද ඉල්ලා සිටින ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සිය ලිපිය මගින් වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ එම නඩු කටයුත්ත සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ හෝ තමාගේ කිසිදු සබඳතාවයක් නොමැති බවත් ය.

රුපියල් ලක්ෂ 90ක අල්ලසක් ලබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් බස්නාහිර පළාත් සභා හිටපු මන්ත්‍රී සලෝචන ගමගේ ඇතුළු සැකකරුවන් දෙදෙනා ඉකුත් 28 දින කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන ජනවාරි මස 6 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

කෝට්ටේ – මාදිවල ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයකු අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත කරන ලද පැමිණිල්ලක් අනුව එහි විමර්ශන නිලධාරීන් කණ්ඩායමක් විසින් මාදිවල ප්‍රදේශයේ දී සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
2
+1
1
+1
1
+1
1
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අජිත් පෙරේරා කුපිත වී මුළු පාර්ලිමේන්තුවම දෙවනත් කරයි..
08:23
Video thumbnail
පාර්ලිමේන්තු කතාව මැද හස්ත සංඥාවක් දීගෙනම ජනපති පාර්ලිමේන්තුවට එයි
00:45
Video thumbnail
සුජීව පාර්ලිමේන්තුවේ වීඩියෝවක් ලීක්කරයි.."ආණ්ඩුවට කිසි අත්දැකීමක් නෑ..විපක්ෂය ගණන් ගන්නෙවත් නෑ"
09:39
Video thumbnail
"වාරිමාර්ග ඇමති බයිලා ග#න්නේ නැතුව ඉල්ලා අස්වෙන්න.."චාමර සභාවේ ලෙසටම ෆයර්වෙයි
09:24
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01
Video thumbnail
අර්චුනා ඩයස්පෝරාව ගැන කියලා පාර්ලිමේන්තුවේ රත්වෙයි..චික්..! පාර්ලිමේන්තුවට එන්න මට හි#කිතයි
03:13
Video thumbnail
තමුන්ලගේ ජනාධිපති ගැන ලැජ්ජයි බන්..අර්චුනා සභාවේ ලෙසටම ෆයර්වෙයි
03:53
Video thumbnail
"මේ වරදට ජනාධිපතිව වසර 5ක් දක්වා හිරේට දාන්න පුළුවන්" ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
13:29
Video thumbnail
ගංවතුර ආපදාව නිසා මි#ගිය සතුන්ගේ මස් මාංශ වෙළෙඳපොලට ඇවිත්?..මෙන්න රටම දෙදරා යන හෙළිදරව්වක්
05:45


?