මහියංගණය පොලිස් වසමේ 17 කණුව ප්‍රදේශයේ දී වියානා ඇලෙහි ඇල කණ්ඩිය මත පිරිමි පුද්ගලයෙකු සහ කාන්තාවක් ඊයේ (20) පස්වරුවේ ඇවිදිමින් සිටියදී පිරිමි පුද්ගලයා ඇලට වැටී ගසා ගෙන ගොස් තිබෙනවා.
අදාළ පුද්ගලයාව බේරාගැනීම සඳහා කාන්තාව ඇලට පැනීමේදී දෙදෙනාම දිය පාරට හසුව ගසාගෙන ගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.
එම අවස්ථාවේ ඇලෙහි දිය නාමින් සිටි පුද්ගලයෙකු ගසාගෙන යමින් සිටි පිරිමි පුද්ගලයා බේරාගෙන ඇති අතර කාන්තාව දිය පහරට ගසාගෙන ගොස් අතුරුදහන් වී ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.
මෙලෙස දියේ ගිලී අතුරුදහන්ව ඇත්තේ හම්බන්තොට ප්‍රදේශයේ පදිංචි අවුරුදු 26ක තරුණියක්.
අතුරුදහන් වූ කාන්තාව සොයාගැනීම සඳහා ප්‍රදේශවාසීන්ගේද සහාය ඇතිව මහියංගණය පොලිසිය මෙහෙයුම් සිදුකරනවා.
මෙලෙස මියගොස් ඇති තරුණිය ඇලට වැටී දිවිබේරාගත් පුද්ගලයාගේ පෙම්වතිය බවයි පොලිසිය සඳහන් කළේ.















