මහියංගනය – ගිරාදුරුකෝට්ටේ ප්‍රධාන මාර්ගයේ සොරබොර එකේ කණුව ප්‍රදේශයේ දී වන්දනා නඩයක් රැගත් වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටී ඊයේ (26) රාත්‍රියේ අනතුරක් සිදුව තිබෙනවා.
මෙම අනතුරින් වෑන් රථයේ ගමන් ගත් 11 දෙනාම තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
අනුරාධපුර වන්දනාවේ ගොස් ආපසු බදුල්ල බලා ගමන් කරමින් සිටි පිරිසක් රැගත් වෑන් රථයක් එහි රියැදුරුට නින්ද යාම හේතුවෙන් මාර්ගයේ ඉවතට පැන විශාල ගසක ගැටී අනතුර සිදුව ඇති බවයි වාර්තා වුණේ.
අනතුරින් පසු තුවාලකරුවන් වෑන් රථය තුළ සිරවී සිටිය දී මහත් වෙහෙසක් දරා පොලිස් නිලධාරින් සහ අවට ප්‍රදේශවාසීන් එක්ව ඉවතට ගෙන මහියංගන රෝහලට ඇතුළත් කිරීමටයි කටයුතු කර ඇත්තේ.
ඔවුන්ගෙන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතළ බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.




