මහියංගනය – ගිරාදුරුකෝට්ටේ මාර්ගයේ දරුණු වෑන් රථ අනතුරක් – 11 දෙනෙක් රෝහලේ

මහියංගනය – ගිරාදුරුකෝට්ටේ ප්‍රධාන මාර්ගයේ සොරබොර එකේ කණුව ප්‍රදේශයේ දී වන්දනා නඩයක් රැගත් වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටී ඊයේ (26) රාත්‍රියේ අනතුරක් සිදුව තිබෙනවා.

මෙම අනතුරින් වෑන් රථයේ ගමන් ගත් 11 දෙනාම තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අනුරාධපුර වන්දනාවේ ගොස් ආපසු බදුල්ල බලා ගමන් කරමින් සිටි පිරිසක් රැගත් වෑන් රථයක් එහි රියැදුරුට නින්ද යාම හේතුවෙන් මාර්ගයේ ඉවතට පැන විශාල ගසක ගැටී අනතුර සිදුව ඇති බවයි වාර්තා වුණේ.

අනතුරින් පසු තුවාලකරුවන් වෑන් රථය තුළ සිරවී සිටිය දී මහත් වෙහෙසක් දරා පොලිස් නිලධාරින් සහ අවට ප්‍රදේශවාසීන් එක්ව ඉවතට ගෙන මහියංගන රෝහලට ඇතුළත් කිරීමටයි කටයුතු කර ඇත්තේ.

ඔවුන්ගෙන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතළ බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විධායකය විසින් අධිකරණය තමන්ට රුචි පරිදි පවත්වාගෙන යන්න යන්නේ ? චූන් වෙන්න එපා
05:45
Video thumbnail
බදුල්ල බන්ධනාගාරය තුළ හදිසි තත්ත්වයක් ? බන්ධනාගාරයට ආරක්ෂාව සපයන අයුරු පෙරහුරුවක් කරයි
01:37
Video thumbnail
ඉෂාරා සෙව්වන්දි මාංචුත් නැතුව බැංකොක් යනවා වගේ ගියේ
00:50
Video thumbnail
පාසල් ළමුන්ට විෂ මත්ද්‍රව්‍ය සහිත මදන මෝදක අලෙවිකල ජාවාරමක් කොටු
01:13
Video thumbnail
කාන්තාවකගේ ගෙලේ තිබ්බ රන් මාලය කැ# ඩබල
01:13
Video thumbnail
19ව හැවිරිදි තරුණයා එළොව යැවූ බිහිසුණු ඛේදවාචකය
01:13
Video thumbnail
සුසිල්ටත් නොතේරෙන ඒකාධිපති පාලනය ?අපිට තේරෙන්නෙත් නෑ මිනිස්සුන්ට තේරෙන්නෙත් නෑ
03:55
Video thumbnail
බන්ධනාගාර සිදුවීම් හුදෙකලා සිදුවීම් නෙවෙයි - ආණ්ඩුවේ නොහැකියාව නෙවෙයි..යථාර්තය තේරුම් ගන්න
03:37
Video thumbnail
කොළඹ දිස්ත්‍රික් සැලසුම් කමිටුව රැස්වෙයි
02:36
Video thumbnail
නින්ජා වෙස්ගත් පාතාල චණ්ඩි - ආයුධ උස්සගෙන යන හැටි
00:18