මහියංගණය – වේරගංතොට මහවැලි පාලමෙන් තරුණියක් පනී

මහියංගණය – මහනුවර මාර්ගයේ මහවැලි ගඟ හරහා ඇති වේරගංතොට මහවැලි පාලමෙන් තරුණියක් ඊයේ (29) රාත්‍රියේ පැන තිබෙනවා.

එම අවස්ථවේ දී වහාම ක්‍රියාත්මක වූ එම ස්ථානයේ සිටි තරුණයන් පිරිසක් ඇයව බේරාගෙන රෝහල් ගත කිරීමට කටයුතු කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ඊයේ (29) රාත්‍රී 7.00ට පමණ තරුණියක් පාලමේ කොන්ක්‍රීට් වැට උඩ නැඟ මහවැලි ගඟට පැනීමට සූදානම්වන ආකාරය දැක ඇයව අල්ලාගැනීමට තරුණයින් පිරිසක් ඈ වෙත දිවයද්දී එකවර ඇය පාලමෙන් පැන ඇති බවයි වාර්තා වන්නේ.

එලෙස පැන්න තරුණිය වැටී ඇත්තේ පාලම යට පිහිටි ගොඩබිම් ප්‍රදේශයකට බවයි අප වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ.

මෙම තරුණිය පැමිණි පාපැදිය සහ ඇයගේ ජංගම දුරකථන පාලම මත තිබිය දී මහියංගනය පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

එලෙස සොයාගත් ජංගම දුරකථනයෙන් ඇයගේ දෙමව්පියන්ට ඇමතුමක් දී සිදු වූ සිද්ධිය පිළිබඳව දැනුම්දීමටයි පොලිසිය කටයුතු කර ඇත්තේ.

මෙලෙස පාලම මතින් පැන ඇත්තේ මිණිපේ 31 ඇළ ප්‍රදේශයේ පදිංචිව සිටි තරුණියක් බවයි පොලිසිය සඳහන් කළේ.

රෝහල වෙත ඇතුළත් කළ එම තරුණියගේ එක් අතකට හානි සිදු ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
3
+1
5
+1
2
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
අනුරට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16