මහින්දානන්ද හිරේට දාපු සතුටට නාවලපිටියේ මාලිමා පාක්ෂිකයෝ සතුට සමරති

හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට බරපතළ වැඩ සහිත ව වසර 20ක කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමේ සිදුවීමට සිය සතුට පළ කරමින් නාවලපිටිය නගර මධ්‍යයේ රතිඤ්ඤා පත්තු කර තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ හිටපු අමාත්‍යවරයාගේ දේශපාලන බල ප්‍රදේශය නාවලපිටිය බැවින් එහි සිටින ජාතික ජන බලවේගය පක්ෂයේ පාක්ෂිකයින් මෙලෙස සිය සතුට සැමරූ බවයි.

අද (29) පෙරවරුවේ එවකට ක්‍රීඩා අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ සමයේ දේශපාලනික වාසි තකා රජයේ බදු මුදල් සාපරාධී ලෙස පරිහරණය කිරීමේ චෝදනාව (දාම් බෝඩ් නඩුව) සම්බන්ධයෙන් මහින්දානන්ද අලුත්ගමගේ සහ එවක සතොස සභාපති වශයෙන් කටයුතු කළ නලින් ප්‍රනාන්දු (හිටපු අමාත්‍ය) අධිකරණය හමුවේ වරදකරුවන් වූ බැවින් ඔවුන් දෙදෙනාට මෙලෙස බරපතළ වැඩ සහිත ව දැඩි දඬුවම් හිමිවුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
15
+1
1
+1
11
+1
1
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?