AFC Banner
AFC Banner
Empty Ad

මහින්දගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියාගෙන් CIDයට ප්‍රකාශයක් – යෝෂිතත් කැඳවයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරී ලෙස කටයුතු කරන මේජර් නෙවිල් වන්නිආරච්චි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැය කිහිපයක ප්‍රකාශ ලබා දී තිබෙනවා.

අයථා වත්කම් උපයා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහු ඊයේ (27) මෙලෙස ප්‍රකාශ ලබා දී ඇති බවයි වාර්තා වුණේ.

මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ දෙවැනි පුත් යෝෂිත රාජපක්ෂට එළඹෙන ජනවාරි මස 03 වැනි දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට කැඳවීමක් කර තිබෙනවා.

අයථා වත්කම් ඉපැයීම සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළව ඔහුව මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
6
+1
2
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?