මහින්දගෙන් බිලියන 10ක වන්දි ඉල්ලා සුනිල් වටගල නඩු පවරයි

මහජන ආරක්ෂාව පිළිබද නියෝජ්‍ය අමාත්‍ය නීතීඥ සුනිල් වටගල දේශපාලන ක්‍රියාකාරිකයක් වන ආචාර්ය මහින්ද පතිරණට එරෙහිව කඩුවෙල දිසා අධිකරණයේ නඩුවක් පවරා තිබෙනවා.

ඒ පසුගියදා නියෝජ්‍ය අමාත්‍ය නීතීඥ සුනිල් වටගල සම්බන්ධයෙන් කරන ලද අසත්‍ය ප්‍රකාශයක් හේතුවෙන් ඔහුට අපහාසයක් සිදුව ඇති බවට චෝදනා කරමින්.

කඩුවෙල දිසා අධිකරණයේ අංක 8892/එම් යටතේ පවරා ඇති මෙම නඩුව මගින් නියෝජ්‍ය අමාත්‍ය නීතීඥ සුනිල් වටගල, මහින්ද පතිරණගෙන් රුපියල් බිලියන 10ක වන්දි මුදලක් ලබා දෙන ලෙසට ඉල්ලා ඇති අතර මහින්ද පතිරණ තමාටත් තම දේශපාලන ව්‍යාපාරයටත් අපහාස කිරීමේ අරමුණින් සිතාමතාම අසත්‍ය කරුණු ප්‍රචාරය කිරීම තුළින් මෙම අපහාසය සිදුකර ඇති බවට සුනිල් වටගල අධිකරණයට කරුණු සැලකර තිබෙනවා.

මහින්ද පතිරන 2025 සැප්තැම්බර් මාසයේ දිනක ප්‍රසිද්ධ කරන ලද ෆේස්බුක් පළකිරීමක් මගින් නියෝජ්‍ය අමාත්‍ය නීතීඥ සුනිල් වටගලට කොළඹ සිනමන් ලයිෆ් නිවාස සංකීර්ණයේ සුඛෝපාභාගී නිවාසයක් ඇති බවට අසත්‍ය සහ ද්වේෂ සහගත ප්‍රකාශයක් සිදුකර ඇති බවත් එම නිවාසය මිලදී ගැනීම සදහා මුදල් සොයාගත් ආකාරය සැක සහිත බවත්, එය අල්ලසක් විය හැකි බවටත් ආදී වශයෙන් කරුණු දක්වා තිබූ බවත් ඒ සියල්ල මුළුමනින්ම අසත්‍ය හා සාවද්‍ය බවත් නියෝජ්‍ය අමාත්‍ය නීතීඥ සුනිල් වටගල තම පැමිණිල්ලෙන් දක්වා තිබෙනවා.

තවද මහින්ද පතිරණ සචින් රත්වත්තේ නමැති පුද්ගලයෙකුගේ ෆේසුබුක් ගිණුමක් උධෘත කරමින් මෙම ප්‍රකාශය සිදුකර ඇති බවත්, එම ෆෙස්බුක් ගිණුම සත්‍ය එකක් ද නැත්ද යන්න පවා සැක සහිත බවත් නියෝජ්‍ය අමාත්‍ය නීතීඥ සුනිල් වටගල තම පැමිණිල්ලෙන් ප්‍රකාශ කර තිබෙනවා.

මහින්ද පතිරණගේ පළකිරීම බොහෝ සේ සමාජ ගතව ඇති බවත් එයින් තම කීර්ති නාමයට බලවත අපහාසයක් සිදුව ඇති බවත් නියෝජ්‍ය අමාත්‍ය නීතීඥ සුනිල් වටගල එම පැමිණිල්ලෙන් දක්වා ඇති අතර ඒ සම්බන්ධයෙන් කරුණු නිවැරදි කරන ලෙස හෝ වන්දි ගෙවන ලෙස ඉල්ලා යවන ලද එන්තරවාසිය ප්‍රතික්ෂේප කිරීමක් මහින්ද පතිරණ විසින් සිදු කර නොමැති බවත් වටගලගේ පැමිණිල්ලේ සදහන් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
12
+1
1
+1
45
+1
2
+1
4
+1
0
+1
5
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10