මහැදුරු ගණනාථ ඔබේසේකර මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
අද (25) පෙරවරුවේ ඒ මහතා අභාවප්‍රාප්ත වන විට 95 හැවිරිදි වියෙහි පසුවුණා.
වර්ෂ 1930 පෙබරවාරි මස 02 වැනි දින උපත ලැබූ ගණනාථ ඔබේසේකර යනු මානව විද්‍යාව පිළිබඳ ව සම්මානිත මහාචාර්‍යයවරයෙක්.
මහාචාර්ය ඔබේසේකර 1955 දී ලංකා විශ්වවිද්‍යාලයෙන් ඉංග්‍රීසි භාෂාව උදෙසා ශාස්ත්‍රවේදී උපාධියක් ලබාගත් අතර 1958 දී ශාස්ත්‍රපති උපාධිය ලබා ගත්තා.
1964 දී වොෂින්ටන් විශ්වවිද්‍යාලයෙන් ඔහු සිය ආචාර්ය උපාධිය ලබා ගත් අතර ප්‍රින්ස්ටන් විශ්වවිද්‍යාලයේ සේවය කිරීමට පෙර ඔහු ලංකා විශ්වවිද්‍යාලය, වොෂින්ටන් විශ්වවිද්‍යාලය සහ කැලිෆෝනියාවේ සැන් දියේගෝ විශ්වවිද්‍යාලය යන විශ්වවිද්‍යාලවල ද කථිකාචාර්යවරයෙකු ලෙස කටයුතු කළා.
ශ්‍රී ලංකාවේ බුදුදහම, ජනවාර්ගික අර්බුදය වැනි විෂයන් කෙරෙහි ඉතා බලපෑම්සහගත අධ්‍යයන සිදු කළ මානව විද්‍යාඥයෙක් ලෙස ප්‍රකට ගණනාථ මහතා ” දුටුගැමුණුගේ හෘදසාක්ෂිය, ප්‍රොතෙස්තන්ත බුදුදහම සහ පත්තිනි ඇදහිල්ල” ඔහු විසින් කරන ලද අවධානය දිනාගන්නා ලද අධ්‍යයන අතර වනවා.
” Guggenheim Fellowship for Social Sciences, US & Canada” ආදී සම්මාන රැසකින් ද ගණනාථ ඔබේසේකර මහැදුරුතුමන් පිදුම් ලබා තිබෙනවා.