මහා ශිව රාත්‍රී දිනය අදයි

ලොව පුරා හින්දු බැතිමතුන් මහත් බැතියෙන් සමරන මහා ශිව රාත්‍රී දිනය අදට (15) යෙදී තිබෙනවා.

හින්දු දහමට අනුව දෙවියන් අතුරින් ලොව බලවත්ම දෙවියා තමා යන්න ශිව දෙවියන් ලොවට විදහා දැක් වූ අසිරිමත් දිනය අදයි.

ශිව දෙවියන් උදෙසා පුද පූජා පවත්වන හින්දු බැතිමතුන්ගේ එම මංගල්‍යය, මහා ශිව රාත්‍රී දිනය ලෙස සැලකෙනවා.

සෑම වසරකම ශීත සෘතුව අවසානයේ ගිම්හාන සෘතුව ආරම්භයට පෙර (පෙබරවාරි/මාර්තු) යෙදෙන ශිව රාත්‍රී දිනය මහා ශිව රාත්‍රී දිනය ලෙස සලකනු ලබනවා.

රාත්‍රි නිදි වර්ජිතව උපවාසයේ යෙදී ශිව දෙවියන්ට පුද පූජා පැවැත්වීමෙන් තමන්ට මෝක්ෂය ලැබෙන බවයි හින්දු බැතිමතුන්ගේ විශ්වාසය වී ඇත්තේ.

ඒ අනුව හින්දු බැතිමතුන් අද රාත්‍රීයේ සිට හෙට උදෑසන දක්වා ශිව දෙවියන්ට පූජෝපහාර දක්වමින් මහා ශිව රාත්‍රීය සමරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?