මහා පරිමාණ බුරුත දැව ජාවාරමක් වටලයි

මහා පරිමාණයෙන් පවත්වාගෙන ගිය බුරුත දැව ජාවාරමක් වටලා තිබෙනවා.

ඊයේ (11) මෙම වැටලීම වවුනියාව අඩවි වන කාර්‍යාල නිලධාරීන් විසින් සිදු කරන ලද බවයි වාර්තා වන්නේ.

වවුනියාවේ ස්ථාන කිහිපයක දී සිදු කළ වැටලීමකදී නීතිවිරෝධීව කපා ප්‍රවාහනය කළ බුරුත දැව කඳන් 27 ක් හා දැව ප්‍රවාහනය කළ කැබ් රථ දෙකක් අත්අඩංගුවට ගැනුණා.

එලෙසම රුපියල් ලක්ෂ 13ක පමණ වටිනාකමින් යුතු තේක්ක ලෑලි තොගයක් ද වැටලීමේ දී අත්අඩංගුවට ගත් බව අඩවි වන කාර්යාල නිලධාරීන් පැවසුවා.

අත්අඩංගුවට ගත් දැව හා ලෑලි තොගය වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත යි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?