මහා පරිමාණ කසිප්පු පොළක් වටලා සැකකරුවෙකු අත්අඩංගුවට

පුදුකුඩිඉරිප්පු – පුදියකුඩිඉරිප්පු ප්‍රදේශයේ පවත්වාගෙන ගිය මහා පරිමාන කසිප්පු ජාවාරමක් වටලා සැකකරුවෙකු ඊයේ(23) අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ පොලිසිය වෙත ලද තොරතුරක් මත සිදුකළ වැටලීමක දී ගෝඩා ලීටර 330 ක්, කසිප්පු ලීටර 20 ක් හා කසිප්පු පෙරීමට යොදාගත් බැරල් ඇතුළු උපකරණ තොගයක් වැටලීමේ දී අත්අඩංගුවට ගත් බවයි.

අත්අඩංගුවට ගත් සැකකරු, ගෝඩා හා කසිප්පු තොගය මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත යි.

වැටලීම සිදු කිරීමේ දී සැකකරුවන් දෙදෙනෙකු පලා ගොස් ඇති අතර ඔවුන් ව අත් අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මක කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පුදුකුඩිඉරිප්පු පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?