මහා පරිමාණ ඉන්ධන ජාවාරමක් වටලා එක් අයෙක් අත්අඩංගුවට

වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කෙරෙන උතුරුමැද මහඇළ උමං ව්‍යාපෘතියට අයත් රථවාහනවලින් කලක් තිස්සේ ඉන්ධන සොරකම් කර අලෙවි කිරීමේ මහ පරිමාණ ජාවාරමක් මෙහෙයවූ පුද්ගලයකු සොරාගන්නා ලද ඩීසල් තොගයක් ද සමග අත්අඩංගුවට ගැනීමට දඹුල්ල පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන්ට අද (16) පස්වරුවේ හැකියාව ලැබුණා.

ලද තොරතුරකට අනුව දඹුල්ල පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් විසින් අද පස්වරුවේ එම වැටලීම සිදු කළ බවයි දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

ව්‍යාපෘතියට අයත් රථවාහනවලින් සොරා ගන්නා ලද ඉන්ධන ලීටර් 1225ක් මහ මීගස්සෑගම ප්‍රදේශයේ නිවසක ගබඩා කර තිබියදී සොයා ගැනුණා.

එම ජාවාරම සිදුකළ බව කියන සැකකරුවකු ද මෙහිදී පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු ගලෙන්බිඳුනුවැව – මීගස්සෑගම ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි පුද්ගලයෙක්.

අත්අඩංගුවට ගැනුණ ඉන්ධන තොගය හා සැකකරු ඉදිරි නීතිමය පියවර සඳහා මොරගොඩ පොලිස් ස්ථානය වෙත භාරදීමට පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් කටයුතු කරනු ලැබුවා.

සැකකරු හෙට(17) කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අයවැය කාරකසභා විවාදය සජීවීව - 2025.12.05
10:50:02
Video thumbnail
ජනපති විපක්ෂයට කනේ ඇඟිලි ග#ගන්න දෙසයි.."කරුණාකරලා ගිහින් නඩුවක් දාන්න.."
01:44
Video thumbnail
පාර්ලිමේන්තුවම සංවේදී කරමින් ජනපති කිව්ව කතාව.."කුඩා දරුවන් තමන්ගේ කැටේ ගෙනල්ල දෙනවා"
10:32
Video thumbnail
හලාවත මුළු ටවුන් එකම හිටිහැටියේම සුන්නද්දූලි කළ බිහිසුණු සුළඟ..බෝඩ් ග#ලවන් උඩින් යයි
00:43
Video thumbnail
අජිත් පෙරේරා කුපිත වී මුළු පාර්ලිමේන්තුවම දෙවනත් කරයි..
08:23
Video thumbnail
පාර්ලිමේන්තු කතාව මැද හස්ත සංඥාවක් දීගෙනම ජනපති පාර්ලිමේන්තුවට එයි
00:45
Video thumbnail
සුජීව පාර්ලිමේන්තුවේ වීඩියෝවක් ලීක්කරයි.."ආණ්ඩුවට කිසි අත්දැකීමක් නෑ..විපක්ෂය ගණන් ගන්නෙවත් නෑ"
09:39
Video thumbnail
"වාරිමාර්ග ඇමති බයිලා ග#න්නේ නැතුව ඉල්ලා අස්වෙන්න.."චාමර සභාවේ ලෙසටම ෆයර්වෙයි
09:24
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01


?