මහා පරිමාණ ඉන්ධන ජාවාරමක් වටලා එක් අයෙක් අත්අඩංගුවට

වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කෙරෙන උතුරුමැද මහඇළ උමං ව්‍යාපෘතියට අයත් රථවාහනවලින් කලක් තිස්සේ ඉන්ධන සොරකම් කර අලෙවි කිරීමේ මහ පරිමාණ ජාවාරමක් මෙහෙයවූ පුද්ගලයකු සොරාගන්නා ලද ඩීසල් තොගයක් ද සමග අත්අඩංගුවට ගැනීමට දඹුල්ල පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන්ට අද (16) පස්වරුවේ හැකියාව ලැබුණා.

ලද තොරතුරකට අනුව දඹුල්ල පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් විසින් අද පස්වරුවේ එම වැටලීම සිදු කළ බවයි දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

ව්‍යාපෘතියට අයත් රථවාහනවලින් සොරා ගන්නා ලද ඉන්ධන ලීටර් 1225ක් මහ මීගස්සෑගම ප්‍රදේශයේ නිවසක ගබඩා කර තිබියදී සොයා ගැනුණා.

එම ජාවාරම සිදුකළ බව කියන සැකකරුවකු ද මෙහිදී පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු ගලෙන්බිඳුනුවැව – මීගස්සෑගම ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි පුද්ගලයෙක්.

අත්අඩංගුවට ගැනුණ ඉන්ධන තොගය හා සැකකරු ඉදිරි නීතිමය පියවර සඳහා මොරගොඩ පොලිස් ස්ථානය වෙත භාරදීමට පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් කටයුතු කරනු ලැබුවා.

සැකකරු හෙට(17) කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මිනිස්සුන්ට බොන්න වතුරත් නැතිකරපු ආණ්ඩුවක් මේක
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47