AFC Banner
AFC Banner
Empty Ad

මහා පරිමාණයෙන් වැවූ ගංජා වගාවකට ගිනි

කරපිංචලන්ද – හම්බේගමුව වැව් රක්ෂිතයේ ඉතා සූක්ෂ්ම ව වගා කරන ලද මහා පරිමාණ ගංජා වගා 02ක් විශේෂ කර්ය බලකාය නවීන ඩ්‍රෝන තාක්ෂණය භාවිතා කරමින් විනාශ කර තිබෙනවා.

මෙම මෙහෙයුම සිදු කර ඇත්තේ ඊයේ (10) දින විශේෂ කාර්ය බලකාය උඩවලව කඳවුරේ නිලධාරීන් පිරිසක් විසින්.

නීතිවිරෝධී ව අඩි 15 x 03 ප්‍රමාණයේ පාත්ති 25ක තවාන් කර තිබූ ගංජා පැල 18,7857 ක් ද, පර්චස් 20 ක පමණ භූමි ප්‍රමාණයක වගා කර තිබූ උස අඩි 05ක් පමණ වන ගංජා ගස් 6,725 ක වගාවක් ද ඩ්‍රෝන තාක්ෂණය යොදාගනිමින් විනාශ කිරීමට පියවර ගැනුණා.

මෙම වැටලීමේ දී පින්නවල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 35 ක පුද්ගලයෙකු අත් අඩංගුවට ගෙන ඇති අතර, ඉදිරි විමර්ශන කටයුතු ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?