මහාධිකරණ විනිසුරුවරයෙකුට අපහාස කර පෝස්ටර්ස් ඇලවූ උපාධිධාරීන් සිපිරිගෙට

මන්නාරම මහාධිකරණ විනිසුරු එම්.එම් මිහාල් මහතාට අපහාසයක් වන ආකාරයේ වදන් ඇතුළත් දැන්වීම් කොළඹ ඇතුළු නාගරික ප්‍රදේශවල ඇලවූ බව කියන සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් උපාධිධාරීන් දෙදෙනෙකු මෙම මස 10 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (03) නියෝග කළා.

දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ; ලක්මාල් වික්‍රමසිංහ හා සංජය බණ්ඩාර නමැති සැකකරුවන් දෙදෙනෙකු එලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරුණ බවයි.

මෙම සිද්ධියට අදාළව මීට පෙර පෞද්ගලික බස් රථ රියදුරුක ඇතුළු සැකකරුවන් තිදෙනකු කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අතර ඔවුන් මෙම මස 10 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණා.

මාතලේ ඉෂාන් රවිෂ්ක,මඩපාත මනෝජ් මධුසංක,හා ඇරැව්වල පදිංචි ක්‍රිෂාන් නාලක එසේ මීට පෙර රක්ෂිත බන්ධනාගාර ගත කළ සැකකරුවන් අතර වනවා.

කොළඹ කොටුව දුම්රිය ස්ථානය, රේගු දෙපාර්තමේන්තුව, අලුත්කඩේ මහාධිකරණය, පැළවත්ත, බත්තරමුල්ල, ඇතුළු නාගරික ප්‍රදේශවල මෙම අපහාසාත්මක වදන් ඇතුළත් දැන්වීම් අලවා තිබූ බව ද කොළඹ අපරාධ කොට්ඨාසය පෙර නඩු වාරයේ දී අධිකරණයට දැන්වුවා.

මීට වසර කීපයකට පෙර මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලත් විත්තිකරුවන් පස්දෙනෙකුට එරෙහිව නඩු තීන්දුවක් ඉකුත් 29 දින මන්නාරම මහාධිකරණය මගින් ලබාදීමට නියමිතව තිබී ඇති බව ද ඊට පෙර දිනයේදී මෙම අපහාසාත්මක දැන්වීම් අලවා තිබූ බව ද එම අපරාධ කොට්ඨාසය පසුගිය නඩු වාරයේදී අධිකරණයට දැනුම් දී තිබුණු බවයි සඳහන් වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37


?