මහාධිකරණ විනිසුරුවරයෙකුට අපහාස කර පෝස්ටර්ස් ඇලවූ උපාධිධාරීන් සිපිරිගෙට

මන්නාරම මහාධිකරණ විනිසුරු එම්.එම් මිහාල් මහතාට අපහාසයක් වන ආකාරයේ වදන් ඇතුළත් දැන්වීම් කොළඹ ඇතුළු නාගරික ප්‍රදේශවල ඇලවූ බව කියන සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් උපාධිධාරීන් දෙදෙනෙකු මෙම මස 10 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (03) නියෝග කළා.

දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ; ලක්මාල් වික්‍රමසිංහ හා සංජය බණ්ඩාර නමැති සැකකරුවන් දෙදෙනෙකු එලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරුණ බවයි.

මෙම සිද්ධියට අදාළව මීට පෙර පෞද්ගලික බස් රථ රියදුරුක ඇතුළු සැකකරුවන් තිදෙනකු කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අතර ඔවුන් මෙම මස 10 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණා.

මාතලේ ඉෂාන් රවිෂ්ක,මඩපාත මනෝජ් මධුසංක,හා ඇරැව්වල පදිංචි ක්‍රිෂාන් නාලක එසේ මීට පෙර රක්ෂිත බන්ධනාගාර ගත කළ සැකකරුවන් අතර වනවා.

කොළඹ කොටුව දුම්රිය ස්ථානය, රේගු දෙපාර්තමේන්තුව, අලුත්කඩේ මහාධිකරණය, පැළවත්ත, බත්තරමුල්ල, ඇතුළු නාගරික ප්‍රදේශවල මෙම අපහාසාත්මක වදන් ඇතුළත් දැන්වීම් අලවා තිබූ බව ද කොළඹ අපරාධ කොට්ඨාසය පෙර නඩු වාරයේ දී අධිකරණයට දැන්වුවා.

මීට වසර කීපයකට පෙර මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලත් විත්තිකරුවන් පස්දෙනෙකුට එරෙහිව නඩු තීන්දුවක් ඉකුත් 29 දින මන්නාරම මහාධිකරණය මගින් ලබාදීමට නියමිතව තිබී ඇති බව ද ඊට පෙර දිනයේදී මෙම අපහාසාත්මක දැන්වීම් අලවා තිබූ බව ද එම අපරාධ කොට්ඨාසය පසුගිය නඩු වාරයේදී අධිකරණයට දැනුම් දී තිබුණු බවයි සඳහන් වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය
00:49
Video thumbnail
කැමරාවේ සටහන් වූ අදාහා ගත නොහැකි දේ
00:49
Video thumbnail
නාමල් කරුණාරත්න ගැම්මට කිව්ව කතාව - වේගයෙන්ම සංවර්ධනය වන රටවලින් ලංකාව 4වෙනි තැනට ආවනේ
02:24
Video thumbnail
පොහොර ගැන කිසි ප්‍රශ්නයක් තියාගන්න එපා..හිඟයකින් තොරව දෙනවා
02:57
Video thumbnail
ජන බලයෙන් කළ හැකිදේ හෑල්ලුවට ලක් කරන්න එපා - සජිත් සැරවෙයි
13:18
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය - කට්ටිය බැහැලම වැඩ
01:22
Video thumbnail
නිලධාරියෙක් නීතිය උල්ලංඝණය කළත් තනතුර නොබලා දඬුවම් කරනවා - හර්ෂණගෙන් සැර කතාවක්
04:15
Video thumbnail
බන්ධනාගාර තදබදය ගැන හර්ෂණ කට අරියි - බන්ධනාගාරයේ බිත්ති හතර ඇතුළේ තියෙන ප්‍රශ්නයක්ම නෙවෙයි
03:21
Video thumbnail
සීට් බෙල්ට් නීතිය අකුරටම ක්‍රියාත්මක කරන පොලිසිය
01:15
Video thumbnail
සිව් දෙනෙක් දිය රකුසට හ#වූ ඛේදවාචකය
01:17