මහාචාර්ය සනත් නන්දසිරි අද සමුගනී

අභාවප්‍රාප්ත ප්‍රවීණ සංගීතවේ දී සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ කුලපතිවරයකු වූ සංගීත් නිපුන් මහාචාර්ය සනත් නන්දසිරි මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (01) සිදු කිරීමට නියමිතයි.

ඒ, අනුව බොරැල්ල කනත්තේ දී අද (01) පස්වරු 3.00ට ඔහුගේ අවසන් කටයුතු සිදු කිරීමට නියමිත බවයි පවුලේ සමීපතමයන් සඳහන් කළේ.

මහාචාර්ය සනත් නන්දසිරි මහතාගේ දේහය අද (01) පෙරවරු 10.00 සිට මධ්‍යාහ්න 12.00 දක්වා කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ අවසන් ගෞරව දැක්වීම සඳහා තැන්පත් කර තිබෙනවා.

අනතුරුව දේහය පස්වරු 2.00 දක්වා ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථා පරිශ්‍රයේ තැන්පත් කර තැබීම නියමිතයි.

කලක් රෝගාතුරව සිටි සනත් නන්දසිරි මහතා පසුගිය 28 වනදා පෙරවරුවේ අභාවප්‍රාප්ත වුණේ සිය නිවසේදීයි.

අභාවප්‍රාප්ත වන විට ඒ මහතා 81 වන වියේ පසු වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?