මහව – යාපනය දුම්රිය ධාවනය මාස 05කට නවතී

අබලන්ව ඇති දුම්රිය මාර්ගය පිළිසකර කරන තෙක් මහව සිට යාපනය දක්වා දුම්රිය ධාවනය එළඹෙන ජනවාරි 15 වනදා සිට තාවකාලිකව නතර කරන බව ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන අද (28) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළා.

ඒ, අනුව මාස 05ක කාලයක් මෙලෙස මහව සිට යාපනය දක්වා දුම්රිය ධාවනය නවතා දමන බවයි ඔහු සඳහන් කළේ.

පාර්ලිමේන්තුවේ දී අදහස් දැක්වූ අමාත්‍ය බන්දුල ගුණවර්ධන,

“ඔබතුමාගේ ඉල්ලීම ගැන අපි විශේෂ අවධානය යොමු කරනවා. මහව සිට යාපනය දක්වා දුම්රිය ජනවාරි 15 වැනිදා සිට මාස 05කට නතර කරන්න තියෙනවා. යාපනය දක්වා දුම්රිය දිගටම වැඩ කළා. පිළිසකර කර නැති නිසා මහව ඉඳලා යන්නම බැරි තැනට ඇවිල්ල තියෙනවා. මාස 05ක් ඇතුළත ඒක නිම කරනවා. ඊට පස්සේ අපිට හොඳ දුම්රිය සේවයක් යාපනයට ලබාදෙන්න පුළුවන්.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?