මහවිරු සැමරුම්වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවට පොලිස්පතිගෙන් ප්‍රතිඥාවක්

කොටි සංවිධානයේ මියගිය සාමාජිකයින් සිහිපත් කිරීම සඳහා උතුරු නැගෙනහිර පළාත්වල පැවැත්වෙන “මහ විරු සැමරුම්” උත්සවවලට එරෙහිව උපරිම ලෙස නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇතැයි පොලිස්පතිවරයා ඊයේ (04) දින අභියාචනාධිකරණය හමුවේ දැනුම් දුන්නා.

මහා විරු සැමරුම් උත්සවවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස පොලිස්පතිවරයා ඇතුළු ආරක්ෂක අංශවලට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා යුද හමුදා හිටපු බුද්ධි අංශ සාමාජිකයෙකු වන ආනන්ද ජයමාන්න මහතා විසින් ඉදිරිපත් කළ රික්පෙත්සමක් ඊයේ කැඳවනු ලැබූ අවස්ථාවේදී පොලිස්පතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජේෂ්ඨ රජයේ නීතිඥ ශමින්ද වික්‍රම මහතා මෙම දැනුම්දීම සිදු කළා.

එස්.යූ.බී. කරලියද්ද සහ මායාදුන්නේ කොරයා යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම ඊයේ කැඳවනු ලැබුවා.

එහිදී වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ශමින්ද වික්‍රම මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙතෙක් පැවති මහ විරු සැමරුම් උත්සව සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශනවලට අදාළ පූර්ණ වාර්තාවක් තමා විසින් අධිකරණය හමුවේ ගොනුකර තිබෙන බව සඳහන් කළා.

මීට අදාළව පොලිස්පතිවරයාද අධිකරණයට දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කර ඇති බවත් ඒ තුළින් මහා විරු සැමරුම් උත්සව සම්බන්ධයෙන් නීතිය උපරිම ආකාරයෙන් ක්‍රියාත්මක කිරීමට පොලිසිය කටයුතු කර ඇති බවත් මින් ඉදිරියටත් මෙවැනි නීතිවිරෝධී උත්සව සම්බන්ධයෙන් නීතිය උපරිම ලෙස ක්‍රියාත්මක කිරීමට ක්‍රියා කරන බවට පොලිස්පතිවරයා අධිකරණයට ප්‍රතිඥාවක් ලබා දී තිබෙන බවත් ජේෂ්ඨ රජයේ නීතිඥ වරයා සඳහන් කර සිටියා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා සඳහන් කළේ, මෙම නීති විරෝධී ක්‍රියාව සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බවට පොලිස්පතිවරයා අධිකරණයට ප්‍රතිඥාවක් ලබා දෙන හෙයින් මෙම පෙත්සම තවදුරටත් පවත්වාගෙන යාමේ අවශ්‍යතාවයක් මතු නොවන බවයි.

ඒ අනුව අදාළ පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙන ලෙසත් එම නීතිඥවරයා අධිකරණය හමුවේ ඉල්ලීමක් ඉදිරිපත් කළා.

ඒ අනුව, අදාල පෙත්සම් විභාගය අවසන් කිරීමට තීන්දු කළ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉන් අනතුරුව පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර ලබා දුන්නා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මිනිස්සුන්ට බොන්න වතුරත් නැතිකරපු ආණ්ඩුවක් මේක
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47