Indian Premier League

මහවැලි ගඟේ ගිලී රැඳවියෙක් ජීවිතක්ෂයට

පල්ලේකැලේ යුද හමුදා කඳවුර අසල මහවැලි ගඟේ ගිලී මියගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.

ඊයේ (03) දහවල් පොලිසියට ලද තොරතුරක් මත මෙම මළ සිරුර සොයාගත් බවයි පොලිසිය සඳහන් කළේ.

මෙලෙස සොයාගෙන ඇත්තේ පල්ලේකැලේ එළිමහන් සිර කඳවුරේ සිටි රැඳවියෙකුගේ මළ සිරුරක් බවයි වාර්තා වන්නේ.

ඔහු පසුගිය 31 වනදා සිර කඳවුරෙන් පලා ආ රැඳවියෙකු බවට හඳුනාගෙන තිබෙනවා.

මෙම රැඳවියා පොම්මවෙලි, යාපනය ප්‍රදේශයේ පදිංචි අයෙක් වන අතර, මෘත ශරීරය මේ වනවිට පල්ලේකැලේ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත්කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?