AFC Banner
Empty Ad
Empty Ad

මහල් ගොඩනැඟිල්ලකින් වැටී එක්දරු මව ජීවිතක්ෂයට

යක්කල, බෝගමුව ප්‍රදේශයේ පිහිටි මහල් ගොඩනැඟිල්ලක සිව්වන මහලෙන් ඇද වැටී කාන්තාවක් අද (17) අලුයම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 31ක එක්දරු මවක් බවයි පොලිසිය සඳහන් කළේ.

අදාළ කාන්තව මෙම ගොඩනැඟිල්ලේ සිව්වන මහලේ කුලී පදනම මත රැඳී සිට ඇති බවයි වාර්තා වන්නේ.

මියගිය කාන්තාවගේ සැමියා පොලිස් ස්ථානයට කැඳවා ප්‍රකාශ සටහන් කර ගත් බවයි බෙම්මුල්ල පොලිසිය සඳහන් කළේ.

මෙට සියදිවි හානිකර ගැනීමක් ද නැත්නම් අපරාධයක් ද යන්න පිළිබඳව පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

කාන්තාවගේ මළ සිරුර මේ වන විට ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීමට නියමිතව තිබූ බව අප වාර්තාකරු සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
3
+1
2
+1
2
+1
18
+1
6
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?