මහනුවර නගරයේ පේරාදෙණිය මාර්ගයේ පිහිටි රූපලාවණ්‍යගාරයක් තුළ සිටි පිරිසක් හදිසියේ සිහිමුර්ජා තත්ත්වයට පත්වීම හේතුවෙන් අද (20) දහවල් රෝහල් ගතකර තිබෙනවා.
ඒ, අනුව හයදෙනෙකු මහනුවර ජාතික රෝහලටත් තවත් දෙදෙනෙක් මහනුවර පෞද්ගලික රෝහලකටත් ඇතුළත් කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
මෙලෙස රෝහල් ගතකළ පිරිස අතර තරුණියන් 06 දෙනෙකු සහ පිරිමි පුද්ගලයෙක් සිටින බවයි වාර්තා වන්නේ.
මින් තරුණියන් හතර දෙනෙක් රූපලාවණ්‍යගාරයේ සේවිකාවන් ලෙස කටයුතු කළ අය වන අතර, අනෙක් තිදෙනා එහි සේවය ලබා ගැනීමට පැමිණ සිටි අය බවයි වාර්තා වුණේ.
මහනුවර – පේරාදෙණිය මාර්ගයේ එක් කොටසක අද (20) දිනයේ විදුලිය විසන්ධි කිරීම හේතුවෙන් එම කොටසේ පිහිටි ව්‍යාපාරික ස්ථාන බොහොමයක් විදුලි උත්පාදන යන්ත්‍ර (ජෙනරේටර්) භාවිත කර තිබෙනවා.
මෙම රූපලාවණ්‍යගාරය තුළ ද ජෙනරේටරයක් ක්‍රියාත්මක කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.
රූපලාවණ්‍යගාරයේ සියලු ජනෙල් දොරවල් වසා දමා වායුසමීකරණය යන්ත්‍රය ද (AC) ක්‍රියාත්මක කර මොවුන් විසින් ජෙනරේටරය රූපලාවණ්‍යගාර තුළ ක්‍රියාත්මක කර ඇති බවයි තොරතුරු හෙළි වී ඇත්තේ.
ඒ අනුව රූපලාවණ්‍යගාරය තුළ වාතයේ ඇති වූ කිසියම් අහිතකර තත්ත්වයක් හේතුවෙන් එහි සිටි පිරිස මෙලෙස සිහිමුර්ජා තත්ත්වයට පත්වන්නට ඇති බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.
රෝහල් ගතකළ පිරිස මේ වනවිට ප්‍රකෘති තත්ත්වයට පත්වෙමින් සිටින බවයි රෝහල් ආරංචි මාර්ග වැඩිදුරටත් පැවසුවේ.





