මහනුවර උසාවියේ බෝම්බ බිය ඇති කළ පුද්ගලයා අල්ලයි

මහනුවර අධිකරණ සංකීර්ණය බෝම්බයක් ඇති බවට 119 පොලිස් හදිසි ඇමතුම් අංකයට ව්‍යාජ දුරකථන ඇමතුමක් ලබාදුන් පුද්ගලයා ගිනිගත්හේන පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගිනිගත්හේන, කඩවල ප්‍රදේශයේ දී මෙම පුද්ගලයා අද (02) දහවල් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු වයස අවුරුදු 53ක පුද්ගලයෙක්.

සැකකරු පෞද්ගලික බස් රථයක කොන්දොස්තරවරයෙකු වශයෙන් සේවය කර ඇති අතර අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහු පවසා ඇත්තේ තම දුරකථනය ඇද (01) දින දහවල් අස්ථානගත වූ බවයි.

බෝම්බ බියක් හේතුවෙන් අද (02) පෙරවරුවේ මහනුවර අධිකරණයේ වැඩ කටයුතු අඩාල වුණා.

අධිකරණ පරිශ්‍රයේ බෝම්බයක් ඇති බවට 119 පොලිස් හදිසි ඇමතුම් ඒකකයට ලැබුණු ඇමතුමක් මත මෙම නොසන්සුන්කාරී තත්ත්වය ඇති වුණා.

කෙසේ වෙතත් පොලිසිය ආරක්ෂක අංශ සමඟ එක්ව අධිකරණ පරිශයේ සිටි පිරිස් ඉන් පිටතට යොමුකර සිදුකළ පරීක්ෂාවක දී අනාවරණය වූයේ එහි බෝම්බයක් නොමැති බවයි.

මේ අතර මහනුවර අධිකරණයේ නඩු කටයුතු ජුලි 16 වනදා දක්වා කල් දැමීමටයි කටයුතු කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
3
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?