AFC Banner
AFC Banner
Empty Ad

මහනුවර ඇසළ මංගල්‍ය වෙනුවෙන් විශේෂ දුම්රිය සේවා

මෙවර ඇසළ උත්සවය වෙනුවෙන් විශේෂ දුම්රිය ගමන් වාර කිහිපයක් ලබන 25 වනදා සිට 30 වනදා දක්වා ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබෙනවා.

කොළඹ කොටුව – මහනුවර, මහනුවර – කොළඹ කොටුව, මහනුවර – මාතලේ, මහනුවර – නාවලපිටිය සහ මහනුවර – බදුල්ල ලෙස මෙම විශේෂ දුම්රිය ධාවනය කිරීමට නියමිතයි.

ඒ අනුව කොළඹ කොටුවේ සිට මහනුවර දක්වා 26 වනදා සිට 30 වනදා දක්වා දිනපතා පෙරවරු 9.50ට දුම්රියක් පිටත් වන අතර ඊට අමතරව කොළඹ කොටුවේ සිට මහනුවර දක්වා මේ මස 26, 27 සහ 30 යන දිනවල පෙරවරු 6.30ට දුම්රියක් ද පිටත් වීමට නියමිතයි.

කොළඹ කොටුවේ සිට මහනුවර දක්වා 25 සහ 29 දෙදින පස්වරු 5.35ට ද දුම්රියක් පිටත් වනු ඇති.

train
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?