මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටවයි – අදින් සියල්ල ඇරඹෙයි

මහනුවර ශ්‍රී දළඳා මාලිගය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන ඇසළ පෙරහැර මංගල්‍යයේ ආරම්භක කටයුතු අද (05) සිට ආරම්භ කෙරෙනවා.

අද පෙරවරු 4.10ට නාථ, විෂ්ණු, කතරගම හා පත්තිනි යන සතර මහා දේවාලයන්හි කප් සිටුවීමේ මංගල්‍යය වයඹ දිශාභිමුඛ ව සිදු කෙරුණු බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ.

අලුත්නුවර ශ්‍රී දැඩිමුණ්ඩ දේවාල පරිශ්‍රයෙන් පෞරාණික ව; චාරිත්‍රානුකූල ව කපා ගත් ඵල නොදැරූ පණස වෘක්ෂයක කඳ කොටස(කප) අලි ඇතුන් සහිත පෙරහරකින් මහනුවර ශ්‍රී විෂ්ණු දේවාලය වෙත වැඩම කරවීම ඊයේ (04) සිදු කෙරුණා.

එලෙස රැගෙන ආ කප මහනුවර විෂ්ණු දේවාල පරිශ්‍රයේ ඇති දැඩිමුණ්ඩ දේවාලයේ තැන්පත් කරා තබා කප් සිටුවීමේ මංගල්‍යය සිදු කිරීම සඳහා එය කොටස් හතරකට වෙන්කර දේවාල හතරට බෙදා දීම විෂ්ණු දේවාලයේ බස්නායක නිලමේ මහේන් රත්වත්ත මහතාගේ මූලිකත්වයෙන් සිදු කෙරුණු බවයි වාර්තා වන්නේ.

කප් සිටුවීමෙන් අනතුරුව පුරා දින පහක් දේවාල අභ්‍යන්තර පෙරහැර පවත්වා ප්‍රථම කුඹල් පෙරහර අගෝස්තු මස 10 වැනි දින වීදී සංචාරය කරන බවත්; රන්දෝලි පෙරහර වීදී සංචාරය කරන්නේ අගෝස්තු මස 15 දින බවත් ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදිප් නිලංග දෑල මහතා ප්‍රකාශ කළා.

අවසන් රන්දෝලි මහ පෙරහර නිකිණි පුන් පොහෝ දිනය යෙදෙන 19 වැනි දින රාත්‍රියේ වීදි සංචාරය කිරීමට නියමිතයි.

අවසන් රන්දෝලි මහ පෙරහර ගෙවැදීමෙන් අනතුරුව පසුුදින අලුයම සතර මහා දේවාල පෙරහර ගැටඹේ දියකපනාතොට වෙත ගොස් දියකැපීමේ මංගල්‍යය සිදු කරනු ඇති.

පසුව දවල් පෙරහැර අගෝස්තු 20 දින පැවැත්වීමෙන් අනතුරුව මෙවර මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය නිමාවීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැඩි විදුලි කප්පාදුවකට යන්න වෙනවා..වෘත්තිය සමිති අනතුරු අඟවයි..මේ බොරුවෙන් රට ගෙනියන්න බැහැ
08:39
Video thumbnail
"කුමාර ජයකොඩියා මඩ නාපු ඌ#ක් වගේනේ.."අනේ බැරිනම් ළදරුවෝ ටික අකුලන් යන්න..
05:58
Video thumbnail
"නරි බිරුවා කියලා සිංහයෝ බය වෙන්නේ නෑ"වසන්ත විපක්ෂයට කට උත්තර නැතිවෙන්න දෙසයි
07:43
Video thumbnail
බොරු කියන එකේ සීමාවක් තියෙන්න ඕනි..හැමවෙලේම ඇඟේ ගාගන්නවා..අඟුරු අරගෙන අපි දත් මැද්දා..
02:50
Video thumbnail
පැලවත්තේ පක්ෂ කාර්යාලයේ දැඩි උණුසුම් තත්ත්වයක්..ඔබතුමා පක්ෂ කාඩර්වරයෙක්..ඒකනේ වෙව්ලන්නේ
14:47
Video thumbnail
සුජීව කුපිත වී පාර්ලිමේන්තුවම දෙවනත් කරයි.."චීන අසූචි නැව අනුර කාලද අසූචි කිව්වේ..ජනපති ටොම් පචයෙක්
13:04
Video thumbnail
"මේකා මචන් දරුණු පොරක්..තනියම ආවේ"ගම්වැදුණු වන අලි රක්ෂිතයට ගිය අයුරු
01:25
Video thumbnail
වැල්ලවායේදී කරනම් ගැසූ ලොරිය..සියල්ල CCTV කැමරාවේ සටහන් වෙයි
00:47
Video thumbnail
බදාදා නිවාඩු දිනය අවලංගු වීමත් සමඟ අද පැවති තත්ත්වය..
00:52
Video thumbnail
පුරාවිද්‍යා ප්‍රශ්නයක් නිසා උදෙන්ම රත්වුණ පාර්ලිමේන්තුව..සමහර කරුණු නොමඟ යවන සුළුයි
03:25