මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහැර අද

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහැර අද (21) රාත්‍රියේ විථි සංචාරය කෙරෙනවා.

අද (21) පස්වරු 7.10 යෙදෙන සුභ මොහොතින් නිරිත දිශාභිමුඛව පෙරහැර ගමන් ඇරඹීමට නියමිතයි.

පෙරහැර දළදා වීථිය, ඩී.එස්. සේනානායක වීථිය ඔස්සේ පන්සල පාරෙන් ඉහළට පැමිණ දේව වීථිය, කොළඹ වීථිය, යටිනුවර වීථිය, රජ වීථිය ඔස්සේ ශ්‍රී දළදා මාළිගාවට ගෙවදීමට නියමිත බවයි වාර්තා වෙන්නේ.

ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් කුඹල් පෙරහැර අගෝස්තු 25 වනදා විථි සංචාරය කෙරෙන අතර, පළමු රන්දෝලි පෙරහැර ලබන 26 වනදා විථි සංචාරය කෙරෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?