Empty Ad
AFC Banner
Empty Ad

මසාජ් එකට ආ දොස්තරගෙන් මුදල් කොල්ල කෑ සිව්දෙනෙකු සිපිරිගෙට නියම වෙයි – ඇප හිමිවූවන් අතර ඡන්ද අපේක්ෂිකාවකුත්

බම්බලපිටිය ප්‍රදේශයේ සම්බාහන ආයතනයක සේවාවන් ලබා ගැනීම සඳහා පැමිණි වෛද්‍යවරයෙකු බියගන්වා ඔහු සතු රුපියල් දස ලක්ෂයකට අධික මුදලක් මාර්ගගත ක්‍රමය ඔස්සේ බැංකු ගිණුමකට බැර කරවා ගත් බව කියන සිද්ධියක් බම්බලපිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන හඳුනා ගැනීමේ පෙරෙට්ටුවක් සඳහා අධිකරණය වෙත ඉදිරිපත් කළ සැකකරුවන් හය දෙනෙකුගෙන් සිව් දෙනකු මෙම 18 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා එම සිද්ධියට අනුබල දුන් බව කියන මෙවර මහ මැතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂිකාවක් හා ඇගේ සැමියා ඇප මත මුදා හරින ලෙස අද (12) නියෝග කළා.

දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ; බම්බලපිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගත් සැකකරුවන් හයදෙනා අද හඳුනා ගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සිද්ධියේ පැමිණිලිකරු විසින් සැකකරුවන් හය දෙනා හඳුනාගනු ලැබූ බවයි.

වෛද්‍යවරයාට තර්ජනය කර මුදල් ලබාගත් බවට හඳුනාගත් සැකකරුවන් සිව්දෙනා එලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු අතර සිද්ධියට අනුබල දුන් මහ මැතිවරණයේ අපේක්ෂිකාව හා ඇගේ සැමියා ඇප මත මුදා හැරීමට නියම කෙරුණා.

පැමිණිලිකාර වෛද්‍යවරයා මාධ්‍ය ජාලා මෘදුකාංගයක් හරහා සම්බන්ධ වූ පුද්ගලයකු හරහා සම්බාහනයක් කර ගැනීම සඳහා බම්බලපිටිය ප්‍රදේශයේ තට්ටු නිවාස සංකීර්ණයක නිවසක් වෙත ගොස් සිටි අවස්ථාවේ දී සැකකාර පුද්ගලයන් සිව්දෙනා පැමිණිලිකාර වෛද්‍යවරයාගේ නිරුවත වීඩියෝගත කර එම දර්ශන සමාජ මාධ්‍ය ජාලා වෙත මුදා හරින බවට බියගන්වා ඔහු සතු රුපියල් දස ලක්ෂයකට අධික මුදලක් මාර්ගගත ක්‍රමය ඔස්සේ ඔවුන්ගේ ගිණුම්වලට බැර කරවාගෙන ඇති බව පොලිසිය අධිකරණයට දැනුම්දුන්නා.

කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවන් වන සුදාරක දේවප්‍රිය ,මොහොමඩ් සාදිප් ,රාජපක්ෂගේ අශේන් දිමුතු එරංග ඇතුළු සැකකරුවන් සිව්දෙනෙකු මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි නියෝග කෙරුණේ.

මෙලෙස ඇප මත මුදා හැරුණේ යන ”අරගල සංවිධානයේ” කොළඹ දිස්ත්‍රික් අපේක්ෂිකාවක් වන මාලා ප්‍රනාන්දු හා ඇගේ සැමියා වන චමින්ද පුෂ්පකුමාර යන දෙදෙනායි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලොකු ආරක්ෂාවක් එක්ක මෝදි උත්සවයට - ආචාර වෙඩි මුර ගහලා වැඩේ පටන් ගත්ත හැටි
08:36
Video thumbnail
LIVE🔴 ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පිළිගැනීමේ රාජ්‍ය උත්සවය
21:01
Video thumbnail
දේවාලේ ළඟට ආපු අලි සෙට් එක මෙන්න - මිනිස්සු පිස්සුවෙන් වගේ අලි එළවන්නේ
02:38
Video thumbnail
ඊයේ පත්තු වූ වෙ# තැබීමේ දර්ශන මාධ්‍යට නිකුත් වෙයි
09:16
Video thumbnail
අපි බීලා කාණුවේ වැටිලා හිටියද හලෝ - සමන්ත කරපු ඉල ඇට ඇදෙන කතාව
05:40
Video thumbnail
දෙමළ ෆිල්ම් එකක වගේ බිරිඳව පැහැරගත් හැටි කියන සැමියා
03:11
Video thumbnail
මහ වරුසාවේ පාර කාපට් කරන හැටි - ට්‍රැක්ද මහත්තයෝ
03:34
Video thumbnail
කියන තරමක් බොරු මෙයා කියන්නේ - ඒකට තමයි උද්දච්චකම කියලා කියන්නේ
13:59
Video thumbnail
සජීවී සංවාදය උණුසුම් කළ මාලිමාව හා සජබය
08:48
Video thumbnail
ආණ්ඩුවයි විපක්ෂයයි ලොකු වලියක් - නෑ මම කියන්නෙම නෑ - නෑ ඔයා දන්නේ නෑ
10:26
<p>?</p>