AFC Banner
AFC Banner
Empty Ad

මස් පිණිස ගෝනෙකු සහ වල් ඌරන් මැරූ සැකකරු අල්ලයි

බුත්තල ඔක්කම්පිටිය මාර්ගයේ පළමු කණුව ප්‍රදේශයේ දී අලෙවිය සඳහා සුදානම් කරන ලද ගෝන මස් කිලෝග්‍රෑම් 13 ක් සහ වල් ඌරු මස් කිලෝග්‍රෑම් 31 ක් සමග පුද්ගලයෙකු අද අත්අඩංගුවට ගත් බව ඌව වනජීවී කලාප කාර්යාලය පවසනවා.

එම කාර්යාලයේ නිලධාරීන් හට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකළ බවත් එහිදී මෙම මස් තොගය කිලෝග්‍රෑමය බැගින් සකසා බෑග් තුළ දමා අධි ශීතකරණයක් තුළ බහා තිබියදියි සොයාගෙන ඇත්තේ.

දැඩි ආරක්ෂිත ක්ෂීරපායී සතෙකු වන ගෝනකු උගුලක් භාවිතා කර මැරීම, ගෝන මස් සහ වල් ඌරු මස් ළඟ තබා ගැනීම, වෙළෙඳාම් කිරීම සඳහා ප්‍රදර්ශනය කිරීම යන චෝදනාවන් සම්බන්ධයෙනුයි අත්අඩංගුවට ගෙන ඇත්තේ.

සැකකරු වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?