මස් පිණිස ගෝනෙකු සහ වල් ඌරන් මැරූ සැකකරු අල්ලයි

බුත්තල ඔක්කම්පිටිය මාර්ගයේ පළමු කණුව ප්‍රදේශයේ දී අලෙවිය සඳහා සුදානම් කරන ලද ගෝන මස් කිලෝග්‍රෑම් 13 ක් සහ වල් ඌරු මස් කිලෝග්‍රෑම් 31 ක් සමග පුද්ගලයෙකු අද අත්අඩංගුවට ගත් බව ඌව වනජීවී කලාප කාර්යාලය පවසනවා.

එම කාර්යාලයේ නිලධාරීන් හට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකළ බවත් එහිදී මෙම මස් තොගය කිලෝග්‍රෑමය බැගින් සකසා බෑග් තුළ දමා අධි ශීතකරණයක් තුළ බහා තිබියදියි සොයාගෙන ඇත්තේ.

දැඩි ආරක්ෂිත ක්ෂීරපායී සතෙකු වන ගෝනකු උගුලක් භාවිතා කර මැරීම, ගෝන මස් සහ වල් ඌරු මස් ළඟ තබා ගැනීම, වෙළෙඳාම් කිරීම සඳහා ප්‍රදර්ශනය කිරීම යන චෝදනාවන් සම්බන්ධයෙනුයි අත්අඩංගුවට ගෙන ඇත්තේ.

සැකකරු වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටේ එල් නිනෝ තත්ත්වයක් ඇතිවීමේ අවදානමක්.. නියඟයක් එන්න පුළුවන්
07:16
Video thumbnail
නාමල් රටේ ඉතිහාසය වෙනස් කරනවා
06:37
Video thumbnail
එදා සද්දේ දාපු නාමල්ව අද හොයාගන්නවත් නෑ
04:10
Video thumbnail
ඇයි රනිල්ව හිරේ දාන්නේ නැත්තේ ? - මුජිබුර් ප්‍රශ්න කරයි..බැඳුම්කර හොරු හිරේ දාලා එජාපය සුද්ද කරන්න
01:22
Video thumbnail
ඩොලර් පාලනය ගැන මුජිබුර් ආණ්ඩුවට කියලා දෙයි - මෙයාලගේ Control එක අද බිඳ වැටිලා
03:01
Video thumbnail
රටේ භයානක තත්ත්වයක් ? - ආර්ථිකය ගැන රවී කරුණායකගෙන් ප්‍රබල හෙළිදරව්වක්
07:58
Video thumbnail
අනුරට මම කියන්න ඕනේ නෑ - අනුර බුද්ධිමත් මනුස්සයෙක්
06:18
Video thumbnail
හොරණ ගින්නට ආණ්ඩුව වගකීම භාරගන්න ඕනේ
05:12
Video thumbnail
බඹරේ වගේ වටේම වාහන පෙරළෙගෙන ගිය වෑන් රථය
00:32
Video thumbnail
වත්තේ පිටියේ වැඩනම් ඇමති සමන්තට Simple - සමන්ත ගැම්මට තණකොල කපන හැටි
01:23