මවුන්ට් එලිසබෙත් රෝහල ගැන දන්නවා ද ?

අපේ රටේ පෞද්ගලික රෝහල් විශාල සංඛ්‍යාවක් තිබුණත් ඒ හැම එකකටම වඩා අප රටේ නිතර​ කතාබහට ලක්වන​ විදෙස් පුද්ගලික රෝහලක් තියෙනවා. ඇත්තම කිව්වොත් මේ ලිපිය ලියන මම ඇතුළු අප​ බොහෝ දෙනෙකුට ඒ රෝහලෙන් ප්‍රතිකාර ගන්නවා කියන්නේ අමාරු නෙවෙයි කරන්නම බැරි දෙයක්.

නමුත් අප​ අතර මේ රෝහල හරිම ප්‍රසිද්ධයි. වෙන හේතුවක් නිසා නෙවෙයි, ඒ රට පාලනය කරන්න අප​ විසින්ම තෝරාපත් කරගත් අපේ දේශපාලනඥයන් සමහරෙක් තමන්ට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ගන්න මේ රෝහලට දුවන නිසා.

අද මේ ලිපියෙන් අපි කතා කරන්න සූදානම් වෙන්නේ මේ “මවුන්ට් එලිසබෙත්” රෝහල පිළිබදවයි

Heart | Centre of Excellence | Mount Elizabeth Hospitals
තරු පන්තියේ මවුන්ට් එලිසබෙත් රෝහල

මවුන්ට් එලිසබෙත් රෝහල (කෙටි නාමය ‘මවුන්ට් ඊ’) ඉදිකිරීම ආරම්භ කරනු ලැබුවේ 1976 වසරේදීයි. වසර තුනක් පුරා සිදුකරනු ලැබූ ඉදිකිරිම කටයුතුවලින් අනතුරුව එය නිල වශයෙන් 1979 වසරේ දෙසැම්බර් 08 වන දින මෙහෙයුම් කටයුතු සඳහා විවෘත කරනු ලැබුවා.

මෙම රෝහල වැඩිම ප්‍රසිද්ධියක් උසුලන්නේ හෘදරෝග චිකිත්සාව, පිළිකා, ස්නායු වෛද්‍ය විද්‍යාව යන ක්ෂේත්‍රයන් ත්‍රිත්වයටයි. නමුත් අනෙකුත් සියළුම ආකාරයේ ලෙඩ රෝගවලට ප්‍රතිකාර ලබා දීම ඔවුන් විසින් සිදු කරනවා.

Orchard Maternity Wards| Explore Facilities & Services | Mount Elizabeth  Hospitals Singapore
මවුන්ට් එලිසබෙත් රෝහලේ ඕකිඩ් කාමරයක්

එලිසබෙත් රෝහල සතුව වෙනම ‘රාජකීය කාමරය​ක්’ (royal suite) ඇති අතර, එය මීට වසර ගණනාවකට පෙර බෘනායි රජ පවුලේ පරිහරණය වෙනුවෙන් ඔවුන් විසින් ඉදිකරනු ලැබුවක්. එම අංගනය මේ වන විට මහජන පරිහරණය සඳහා පරිත්‍යාග කිරීමට එම රජ පවුල කටයුතු කර තිබෙනවා.

මෙම රෝහල්වල සාමාන්‍ය පහසුකම් ලෙස වර්ග කර තිබෙන්නේ පහත දැක්වෙන ඒවායි.

  • රෝහල් කාමර පහසුකම්
  • මාතෘ වාට්ටු පහසුකම්
  • හදිසි අනතුරු සහ හදිසි අවස්ථා සේවාවන්
  • දැඩි සත්කාර ඒකකය
  • සැත්කම් ඒකකය
  • දෛනික ශල්‍යකර්ම

මීට අමතරව ඒ ඒ රෝගාබාධ වෙනුවෙන් වෙනම ඒකකයන් රෝහල විසින් ස්ථාපිත කර තිබෙනවා.

The rise of 5-star hospitals in Singapore - TODAY
මවුන්ට් එලිසබෙත් රෝහලේ විමසීම් කවුලුව

මවුන්ට් එලිසබෙත් රෝහලේ කාමර, වර්ග 7 කට බෙදා තිබෙනවා. ඒ පහත දැක්වෙන අයුරින්.

  • තනි කාමර – මේවා එක් රැයකට සිංගප්පූරු ඩොලර් 678 සිට ඉහළට වෙන් කරගත හැකියි.
  • ඇඳන් දෙකේ කාමර – එක් රැයකට ඩොලර් 340 සිට ඉහළට
  • ඇඳන් හතරේ කාමර – එක් රැයකට 276 සිට
  • විශේෂ සුඛෝපබෝගී කාමර – එක් රැයකට ඩොලර් 1149 සිට
  • විශේෂ අමුත්තන් සඳහා සැකසූ කාමර – එක් රැයකට ඩොලර් 3,888 සිට
  • Daffodil/Magnolia මාතෘ කාමර – එක් රැයකට ඩොලර් 2519 සිට
  • රාජකීය අංගනයේ කාමර – එක් රැයකට ඩොලර් 5399 සිට

මවුන්ට් එලිසබෙත් නොවීනා රෝහලේ කාමර වර්ග කර ඇත්තේ මේ අයුරිනුයි.

  • A පන්තියේ කාමර – එක් රැයකට සිංගප්පූරු ඩොලර් 428 සිට ඉහළට
  • තනි කාමර – එක් රැයකට ඩොලර් 682 සිට ඉහළට
  • රෝගියාගේ කැමැත්තට අනුව සැකසූ තනි කාමර –  එක් රැයකට ඩොලර් 755 සිට ඉහළට
  • Junior Suite – එක් රැයකට ඩොලර් 1350 සිට ඉහළට
  • Regal Suite – එක් රැයකට ඩොලර් 9000 සිට ඉහළට

(2022 /03 / 29 වනදා සිංගප්පූරු ඩොලරයක් ශ්‍රී ලංකා රුපියල් 209.71 )

ඉතින් අපේ රටේ දේශපාලකයන් මෙතරම් උනන්දුවෙන් මේ රෝහල කරා ඇදෙන්නේ කුමන හේතුවක් මත ද යන්න මෙම ලිපිය කියවීමෙන් ඔබට සුළු හෝ අවබෝධයක් ලබා ගැනීමට ඔබට හැකිවන්නට ඇතැයි අපි සිතමු.
දේශපාලකයන්ට මෙතරම් මිල අධික රෝහල්වලටත් ගොස් දිවි බේරාගන්නට තරම් කැසකවන රෝග ව්‍යාධි ඇති වන්නට හේතුව අන් කිසිවක් නොව මේ සුන්දර රට කාබාසිනියා කිරීමේ ශාපයම බව මම විශ්වාස කරමි.කෙසේ නමුත් ලිපිය අවසානයේ මම පාඨක සියලුදෙනාටම නීරෝගී සුවය ප්‍රාර්ථනා කරන්නේ කොතරම සැප පහසුකම් පිරී තිබුනත් රෝහලක ඇඳක් මත ජීවිතය සමග පොර බැඳීම එතරම් සුන්දර නැති වග මට ඉවෙන් මෙන් දැනෙන බැවිනි.

ලිපිය අවසානයටත් රෝහලේ තවත් ඡායාරූප කිහිපයක් ඔබේ දැකබලා ගැනීමට අමූනා තබමි.

image 29
එයාපෝර්ට් එකට යන තැනක් නෙමෙයි මේ හොස්පිට්ල් එකට එන තැන
mount elizabeth hospital
හෝටලයකවත් මෙහෙම නැහැ නේ ද ?
426 701x457 1
හෝටල් කාමරයක් නෙමෙයි මේ රෝහල් ඇදක්
143 6 701x473 1
හෝටලයක් කියලා නේ හිතුවේ…නෑ මේ හොස්පිට්ල් එක
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
10
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැඩ වර්ජනය නිසා මිනිසුන්ගේ රතු කට්ට පනියි..ඡන්දේ දීලා අපි විදින දුකක්..මාසෙකට කීයක් Strike කරනවද
03:43
Video thumbnail
PHI සෙට් එකක් අත්‍යවශ්‍ය ආහාර ගබඩා සහ වෙළඳසැල්වලට ඇවිත් දුන්න ෆුල් සුද්දය
03:58
Video thumbnail
"Private ගන්න සල්ලි නෑනේ මහත්තයෝ"..වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට
01:44
Video thumbnail
වියළි කාලගුණය හමාර කරමින් බුත්තලට සහ මොණරාගලට තද වැසි
00:58
Video thumbnail
"අඩේ..අඩේ..ඉක්මනට ඇතුළට ඇදහන් බන්" යතුරුපැදියක් - ලොරියක වැදී සිදුවූ බිහිසුණු අනතුර
01:29
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:25
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:21
Video thumbnail
දෙමව්පියන්ගේ දෑසට කඳුළු නොගෙන්වන විදිහට තමන්ගේ රාජකාරිය ඉටුකරන්න
01:58
Video thumbnail
ආණ්ඩුව අත්සන් කරපු ගිවිසුම්වලින් වහාම අයින්වෙන්න
05:24
Video thumbnail
අපරාධවලට සම්බන්ධ නිලධාරීන්ව පොලිසියේ තියාගන්නේ නෑ
03:13