logo
spot_img
AFC Banner
Korea Edu Banner
Empty Ad

මව් කිරි සිරවී බිළිඳියක් නොඑන ගමන් ගිහින්

මව් කිරි සිරවීමෙන් මාස එකහමාරක් වයසැති බිළිඳියක් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත් වූ පුවතක් බලංගොඩ ප්‍රදේශයෙන් අද (25) වාර්තා වනවා.

බිළිඳියගේ මරණය සම්බන්ධයෙන් සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේ දී අනාවරණය වී ඇත්තේ මව් කිරි සිරවී තිබී එය නිවිමෝනියා තත්ත්වයට හැරීමෙන් මෙම මරණය සිදුව ඇති බවයි.

මෙම බිළිඳිය දිනක සිට කෙදිරිගාමින් අසාමාන්‍ය තත්ත්වයක් පෙනුම් කර ඇති අතර, ඒ හේතුවෙන් ඇයව ඊයේ (24) අලුයම බලංගොඩ රෝහල වෙත රැගෙන ඒමටයි කටයුතු කර ඇත්තේ.

කෙසේ වෙතත් බිළිඳිය රෝහලට රැගෙන එනවිටත් අවාසනාවන්ත ලෙස මියගොස් සිට ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

බලංගොඩ, ඉහළ ගලගම, ලදුයාය ප්‍රදේශයේ සිට බලංගොඩ රෝහලට විශාල දුර ප්‍රමාණයක් ඇති බැවින් බිළිඳිය රෝහලට රැගෙන ඒමට පැය කිහිපයක් ගතවූ බවයි බිළිඳියගේ මව මරණ පරීක්ෂණයේ දී සාක්ෂි දෙමින් පවසා ඇත්තේ.

මේ අතර මෙම මරණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් බලන්ගොඩ හදිසි මරණ පරීක්ෂක පත්මෙන්ද්‍ර විජේතිලක මහතා පැවැසුවේ තරුණ මව්පියන් අලුත උපන් ළඳරුවන් සම්බන්ධයෙන් විශේෂ අවදානයකින් කටයුතු කළ යුතු බවයි.

එමෙන්ම අලුත උපන් දරුවන්ට මව්කිරි දීමේ දී වැඩි අවදානයක් යොමුකළ යුතු බවත්, දරුවන්ගේ හැසිරීමේ යම් යම් අසාමාන්‍ය ලක්ෂන මතුවන්නේ නම් වහාම රජයේ රෝහලකට දරුවා ඇතුළත් කරන ලෙස ද ඔහු පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
30
+1
3
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?