මව් කිරි සිරවී බිළිඳියක් නොඑන ගමන් ගිහින්

මව් කිරි සිරවීමෙන් මාස එකහමාරක් වයසැති බිළිඳියක් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත් වූ පුවතක් බලංගොඩ ප්‍රදේශයෙන් අද (25) වාර්තා වනවා.

බිළිඳියගේ මරණය සම්බන්ධයෙන් සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේ දී අනාවරණය වී ඇත්තේ මව් කිරි සිරවී තිබී එය නිවිමෝනියා තත්ත්වයට හැරීමෙන් මෙම මරණය සිදුව ඇති බවයි.

මෙම බිළිඳිය දිනක සිට කෙදිරිගාමින් අසාමාන්‍ය තත්ත්වයක් පෙනුම් කර ඇති අතර, ඒ හේතුවෙන් ඇයව ඊයේ (24) අලුයම බලංගොඩ රෝහල වෙත රැගෙන ඒමටයි කටයුතු කර ඇත්තේ.

කෙසේ වෙතත් බිළිඳිය රෝහලට රැගෙන එනවිටත් අවාසනාවන්ත ලෙස මියගොස් සිට ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

බලංගොඩ, ඉහළ ගලගම, ලදුයාය ප්‍රදේශයේ සිට බලංගොඩ රෝහලට විශාල දුර ප්‍රමාණයක් ඇති බැවින් බිළිඳිය රෝහලට රැගෙන ඒමට පැය කිහිපයක් ගතවූ බවයි බිළිඳියගේ මව මරණ පරීක්ෂණයේ දී සාක්ෂි දෙමින් පවසා ඇත්තේ.

මේ අතර මෙම මරණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් බලන්ගොඩ හදිසි මරණ පරීක්ෂක පත්මෙන්ද්‍ර විජේතිලක මහතා පැවැසුවේ තරුණ මව්පියන් අලුත උපන් ළඳරුවන් සම්බන්ධයෙන් විශේෂ අවදානයකින් කටයුතු කළ යුතු බවයි.

එමෙන්ම අලුත උපන් දරුවන්ට මව්කිරි දීමේ දී වැඩි අවදානයක් යොමුකළ යුතු බවත්, දරුවන්ගේ හැසිරීමේ යම් යම් අසාමාන්‍ය ලක්ෂන මතුවන්නේ නම් වහාම රජයේ රෝහලකට දරුවා ඇතුළත් කරන ලෙස ද ඔහු පැවසුවා.

  1. දවසක්ම කෙඳිරි ගගා හිටියා කියන්නෙ කාටවත් හිතිලා නැද්ද කල්තියා ඉස්පිරිතාලෙට අරං යන්න



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මූණු විතරයි මාරුවුණේ ප්‍රතිපත්ති වෙනස්වෙලා නෑ - පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය රටට ඕනිද ?
09:16
Video thumbnail
කන්ද උඩරට ඇසළ පෙරහර දෙවෙනි කුඹල් පෙරහර පැවැත්වූ අයුරු - බලන්නකෝ ඒ ලස්සන
03:14
Video thumbnail
රන්දෙවොල වගේ තියෙන අධිකරණය යටත් කරගන්න යන්නේ - ජනතාවගේ මනස විකෘති කරලා 22වන සංශෝධනය ගැන
04:04
Video thumbnail
කංජිපානිගේ හිතවතෙක් අවසන් ගමන් යවන්න සැරසුණු පිරිසක් මාට්ටු
01:43
Video thumbnail
ග්‍රෙගරි වැවේ බිහිසුණු බෝට්ටුඅනතුරේ ඇත්ත කතාව එළියට
01:45
Video thumbnail
කංජිපානිගේ හිතවතෙක් අවසන් ගමන් යවන්න සැරසුණු පිරිසක් මාට්ටු - සෙට් එක නොන්ඩි ගගහා එන හැටි
03:01
Video thumbnail
ආයතනයකට කඩා පැනලා යකා නටපු හැටි - තඩි හොරුනේ තමුසෙලා..සල්ලි අරගෙන මුන් ජෝගි දානවා
05:47
Video thumbnail
බෙල්ලන්විල ධම්මරතන නාහිමිගෙන් ආණ්ඩුවට සැර කතාවක් - හොරු ඉන්නවා වැහි වැහැලා..මේක සාර්ථක නෑ
03:59
Video thumbnail
පොලිසියේ අවධානය පිණිසයි.. ජීවිත අනතුරේ හෙළමින් මහ පාර බදු අරන් ගිය බස් රථය...
00:57
Video thumbnail
බූස්සට ගිය අධිකරණ ඇමතිට යකා නැග්ගද ?දැනගත්තත් මේකට උත්තර දෙන්නේ නෑ
02:32