මව්පියන්ගේ වද හිංසා ඉවසාගත නොහැකිව ගෙදරින් පළා ආ සිසුවෙක් පොලිස් භාරයට

මව සහ පියාගේ පහරදීම් හමුවේ නිවසින් පලාගොස් හැටන් දුම්රිය ස්ථානයේ රැදී සිටි 15 හැවිරිදි පාසල් සිසුවෙක් අද (19) උදෑසන හැටන් පොලිසිය භාරයට ගෙන තිබෙනවා.

අනුරාධපුර ප්‍රදේශයේ පදිංචි මෙම පාසල් සිසුවා කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වූ රාත්‍රි තැපැල් දුම්රියේ පැමිණ හැටන් දුම්රිය ස්ථානයේ බැස එහි රැඳී සිටියදී යි මෙලෙස පොලිස් භාරයට ගෙන ඇත්තේ.

තම මව්පියන් අනුරාධපුර ප්‍රදේශයේ පදිංචිව සිටින බවත් තමන් පානදුර ප්‍රදේශයේ පිහිටි මිත්තණියගේ නිවසේ රැඳී සිටිමින් පාසල් අධ්‍යාපනය හදාරා ඇති බවයි ඔහු පවසා ඇත්තේ.

10 වන වසරේ පාසල් අධ්‍යාපනය ලබමින් සිටිය දී මව්පියන් පාසලෙන් ද තමන් අස්කරගත් බවත් මෙම සිසුවා පොලිසියට පවසා තිබෙනවා.

ඉන් අනතුරුව අනුරාධපුර ප්‍රදේශයේ පිහිටි තම නිවසේ සහ පානදුර ප්‍රදේශයේ පිහිටි මිත්තණියගේ නිවසේ රැදි සිටින අවස්ථාවේ දී පියා විසින් නිවසින් පිටව යන ලෙස බලපෑම්කර ඇති බවයි මෙම සිසුවා වැඩිදුරටත් පොලිසිය හමුවේ සඳහන් කර ඇත්තේ.

සිසුවා තව දුරටත් සදහන් කර ඇත්තේ එම අවස්ථාවන්වල දී තමන්ට අමානුෂික ලෙස පහර දුන් බවත්, මවගේ සහ පියාගේ මෙම වද හිංසාවන් ඉවසාගත නොහැකිව පසුගිය 17 වනදා අනුරාධපුර සිට කොළඹ කොටුව දක්වා දුම්රියෙන් පැමිණි බවයි.

එහිදී පානදුර පිහිටි මිත්තණියගේ නිවසට යාම සඳහා තමන් බදුල්ල දුම්රියට වැරදිමකින් ගොඩ වී ඇති බවත් ඔහු සඳහන් කර තිබෙනවා.

මවගෙන් සහ පියාගෙන් සිදුවන වද හිංසා හේතුවෙන් තමන්ට යළිත් නිවසට යාමට නොහැකි බවයි මෙම සිසුවා පොලිසිය පවසා ඇත්තේ.

පොලිස් භාරයට ගත් පාසල් සිසුවාගේ ශරීරයේ පහරදුන් බවට සැක කෙරෙන තුවාල කිහිපයක් නිරීක්ෂණය වීමත් සමඟ ඔහුව දික්ඔය මුලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමුකර ඇති බව සඳහන්.

පාරිවාසය හරහා හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත සිසුවා භාරදෙන බවත්, සිසුවාගේ භාරකරුවන්ට හැටන් පොලිසිය වෙත පැමිණෙන ලෙස ද දැනුම්දීමට කටයුතු කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
10
+1
2
+1
1
+1
60
+1
9
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල්ගේ සත්‍යග්‍රහය ජය ඝෝෂා මැද අවසන් වෙයි
01:45
Video thumbnail
යතුරුපැදියකින් ඇවිත් මහපාරේ යන වාහනවලට ගැ#ව පුද්ගලයා අත්අඩංගුවට
01:16
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිගෙන් සමාව ගන්න
04:26
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිට කියූ වාග් ප්‍රහාරය නිසා කැබිනට් මාධ්‍ය හමුව රත්වෙයි..
05:40
Video thumbnail
2027 වසරට කල් දැම්ම පුවත, සත්‍යග්‍රහයේ සිට විමල් බලයි..සතුටට කට්ටිය ප්‍රීති ඝෝෂා තියයි
00:58
Video thumbnail
අපි ගත්ත තීන්දු විමල් වීරවංශට උපවාසය නවත්තන්න හේතුවක් වෙන්නේ නෑ
05:57
Video thumbnail
ලාල් කාන්තගේ ප්‍රකාශයට මිහින්තලේ හිමි CIDයට එයි
06:00
Video thumbnail
AIවලින් රටක් කරන්න බෑනේ..එහෙනම් ට්‍රම්ප් කරනවනේ..ළමයි රොබෝලා කරලා රටක් දියුණු කරන්න පුළුවන්ද?
09:16
Video thumbnail
6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරට කල් දැමේ..වගකිය යුතු නිලධාරින්ට දැඩි විනය ක්‍රියාමාර්ග
03:43
Video thumbnail
ලාල් කාන්තලාට ඒ කාලේ කන්න දුන්නේ හාමුදුරුවෝ
04:07


?