මව්පියන්ගේ වද හිංසා ඉවසාගත නොහැකිව ගෙදරින් පළා ආ සිසුවෙක් පොලිස් භාරයට

මව සහ පියාගේ පහරදීම් හමුවේ නිවසින් පලාගොස් හැටන් දුම්රිය ස්ථානයේ රැදී සිටි 15 හැවිරිදි පාසල් සිසුවෙක් අද (19) උදෑසන හැටන් පොලිසිය භාරයට ගෙන තිබෙනවා.

අනුරාධපුර ප්‍රදේශයේ පදිංචි මෙම පාසල් සිසුවා කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වූ රාත්‍රි තැපැල් දුම්රියේ පැමිණ හැටන් දුම්රිය ස්ථානයේ බැස එහි රැඳී සිටියදී යි මෙලෙස පොලිස් භාරයට ගෙන ඇත්තේ.

තම මව්පියන් අනුරාධපුර ප්‍රදේශයේ පදිංචිව සිටින බවත් තමන් පානදුර ප්‍රදේශයේ පිහිටි මිත්තණියගේ නිවසේ රැඳී සිටිමින් පාසල් අධ්‍යාපනය හදාරා ඇති බවයි ඔහු පවසා ඇත්තේ.

10 වන වසරේ පාසල් අධ්‍යාපනය ලබමින් සිටිය දී මව්පියන් පාසලෙන් ද තමන් අස්කරගත් බවත් මෙම සිසුවා පොලිසියට පවසා තිබෙනවා.

ඉන් අනතුරුව අනුරාධපුර ප්‍රදේශයේ පිහිටි තම නිවසේ සහ පානදුර ප්‍රදේශයේ පිහිටි මිත්තණියගේ නිවසේ රැදි සිටින අවස්ථාවේ දී පියා විසින් නිවසින් පිටව යන ලෙස බලපෑම්කර ඇති බවයි මෙම සිසුවා වැඩිදුරටත් පොලිසිය හමුවේ සඳහන් කර ඇත්තේ.

සිසුවා තව දුරටත් සදහන් කර ඇත්තේ එම අවස්ථාවන්වල දී තමන්ට අමානුෂික ලෙස පහර දුන් බවත්, මවගේ සහ පියාගේ මෙම වද හිංසාවන් ඉවසාගත නොහැකිව පසුගිය 17 වනදා අනුරාධපුර සිට කොළඹ කොටුව දක්වා දුම්රියෙන් පැමිණි බවයි.

එහිදී පානදුර පිහිටි මිත්තණියගේ නිවසට යාම සඳහා තමන් බදුල්ල දුම්රියට වැරදිමකින් ගොඩ වී ඇති බවත් ඔහු සඳහන් කර තිබෙනවා.

මවගෙන් සහ පියාගෙන් සිදුවන වද හිංසා හේතුවෙන් තමන්ට යළිත් නිවසට යාමට නොහැකි බවයි මෙම සිසුවා පොලිසිය පවසා ඇත්තේ.

පොලිස් භාරයට ගත් පාසල් සිසුවාගේ ශරීරයේ පහරදුන් බවට සැක කෙරෙන තුවාල කිහිපයක් නිරීක්ෂණය වීමත් සමඟ ඔහුව දික්ඔය මුලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමුකර ඇති බව සඳහන්.

පාරිවාසය හරහා හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත සිසුවා භාරදෙන බවත්, සිසුවාගේ භාරකරුවන්ට හැටන් පොලිසිය වෙත පැමිණෙන ලෙස ද දැනුම්දීමට කටයුතු කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
10
+1
2
+1
1
+1
60
+1
9
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
අනුරට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16