මව්කිරි විස වී සිඟිත්තියට අත්වූ අනුවේදනීය ඉරණම

මව විසින් තම මාස දෙකයි දින දහයක් වයසැති සිඟිති දියණියට මවුකිරි දීමෙන් පසුව අසනීප වීමෙන් පෙරේදා (25දා) රාත්‍රියේ මියගොස් ඇත. මව විසින් නිවෙසේදී එම සිඟිති දියණියට මවුකිරි දීමෙන් පසුව අසනීප වී කිරිබත්ගොඩ රජයේ රෝහලට ගෙන ගිය අතර එහිදී දියණිය මියගිය ගොස් තිබිණි.

එම මව ගැබිනියක්ව සිටි අවධියේ කොරෝනා ආසාදිත වී සිටි බවද කියති. මෙසේ මියගියේ මාකොළ – උතුර ප්‍රදේශයේ පදිංචිව සිටි කෙහෙළි නිලාරා නමැති මාස දෙකයි දින දහයක් වයසැති සිඟිති දියණියකි.

මෙ පිළිබඳව මරණ පරීක්ෂණය බියගම හදිසි මරණ පරීක්ෂක වෛද්‍ය හර්ෂජිත් ගුණසේකර මහතා විසින් ඊයේ (26දා) පවත්වා මළ සිරුර පී.සී.ආර් පරීක්ෂණයට යොමු කොට පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට කටයුතු කරන ලෙසට පොලිසියට නියෝග කරන ලදී.

සපුගස්කන්ද පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක දුමින්ද කුලසේකර හා සැරයන් ජයරත්න (48892) යන නිලධාරීහු මෙ පිළිබඳව පරීක්ෂණ පවත්වති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?