මවගේ අනියම් සැමියා තරුණ පුතාව ඝා-තනය කරයි

මුන්දලම පොලිස් වසමේ මදුරන්කුලිය ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහර දී සිදු කළ මනුෂ්‍ය ඝාතනයක් පිළිබඳ වාර්තා වෙනවා.

මිය ගිය පුද්ගලයාගේ මව අනියම් සම්බන්ධතාවක් පවත්වා ඇති අතර, පොලිස් විමර්ශනවලට අනාවරණය වී ඇත්තේ, මවගේ අනියම් සැමියා විසින් මෙම මනුෂ්‍ය ඝාතනය සිදු කර ඇති බවයි.

මරණකරු වයස අවුරුදු 28ක මදුරන්කුලිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මෘත ශරීරය පුත්තලම මූලික රෝහලේ තබා ඇති අතර, මුන්දලම පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ඇති.

මේ අතර, අඟුලාන පොලිස් වසමේ සරසවි පෙදෙස ප්‍රදේශයේ ද තියුණු ආයුධයකින් පහර දී සිදු කළ මනුෂ්‍ය ඝාතනයක් වාර්තා වෙනවා.

සොහොයුරියගේ ස්වාමියා හා මරණකරු අතර ඇති වූ පවුල් ආරවුලක් දුරදිග යාමෙනුයි මෙම ඝාතනය සිදු කර ඇත්තේ.

මිය ගොස් ඇත්තේ, වයස අවුරුදු 40ක අඟුලාන ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.අඟුලාන පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ඇති

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !