“මල්ලි , සජිත් නායකතුමා උද්ඝෝෂණවලදි රන්ජන්ව හිතාමතා අමතක කරනවා” – රන්ජන් රාමනායක

රන්ජන් රාමනායක ගැන නිතරම කතා කරන චරිත දෙකක් තමයි හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර කියන්නේ.
ඔවුන් දෙදෙනා සිරගතව සිටින රන්ජන් වෙනුවෙන් හැම අවස්ථාවකදිම සිහිපත් කරනවා.
ඉතිං සමගි ජන බලවේගයේ පා ගමන අතරතුරත් ඔවුන් රන්ජන්ව අමතක කරලා තිබුණේ නෑ.
කොහොම වුණත් ඒ ගැන රන්ජන් රාමනායකගේ මුහුණුපොතේ වෙනස් අදහසක් පලකර තිබුණා.

ඒ මෙලෙසින්…

මල්ලි , සජිත් නායකතුමා උද්ඝෝෂණවලදි රන්ජන්ව හිතාමතා අමතක කෙරුවත්,උඹලා දෙන්නට මේ පාගමනේදී තාම හිරේ ඉන්න රන්ජන් ‍රාමනායකව මතක් වීම ගැන බොහොම ස්තුතියි මල්ලි.
මතක තියාගනිල්ලා උඹලාටත් බෙදන්නේ ඔය හැන්දෙන්ම තමා.

ඒ වගේම රන්ජන්ගේ මිතුරියක් වෙන පියුමි හංසමාලිත් සිය මුහුණුපොතේ සටහනක් තබා තිබුණේ හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර රන්ජන් රාමනායකගේ ඡායාරූපයක් රැගෙන පා ගමනේ යන ආකාරය සම්බන්ධයෙන් සටහනක් තබමින්.

ඇය මෙලෙස පවසා තිබුණා..

මොනා වුණත් හොඳ යාලුවො දෙන්නෙක් රංජන් අයියාට අවංකවම ආදරය කරන..

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
17
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?