මලල ක්‍රීඩා ඉසව්වෙන් ලංකාව නියෝජනය කරමින් තරුෂි අද රාත්‍රියේ තරග බිමට

මෙවර පැරිස් ඔලිම්පික් නියෝජනය කරන ශ්‍රී ලංකා මැදි දුර ධාවන ශූරී තරුෂි කරුණාරත්න අද තරග වැදීමට නියමිත ව තිබෙනවා.

අද (02) පස්වරුවේ ඇය තරග බිමට පිවිසීමටයි සූදානමින් සිටින්නේ.

ඒ අනුව තරුෂි ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඔලිම්පික් උලෙළේ මලල ක්‍රීඩා මීටර් 800 ඉසව්වේ මූලික වටයට එක් වීමට නියමිතයි.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මලල ක්‍රීඩා ඉසව්වලින් මෙවර ප්‍රථමයෙන් ම තරග බිමට පිවිසෙන ක්‍රීඩිකාව වන්නේ ද මැයයි.

තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 11.15 ට ආරම්භ වන අතර ප්‍රංශ වේලාවෙන් තරගය ආරම්භ වන්නේ රාත්‍රී 7.45ට.

මෙම ඉසව්වේ මූලික වටය තරග හයකින් සමන්විත වන අතර ඊට ක්‍රීඩිකාවන් 50 දෙනෙකු නිර්දේශ වී සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?