හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා ඊයේ (05) කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට ගනු ලැබුවේ ඉඩමක් ව්‍යාජ ඔප්පු සකසා බැහැර කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් දිගු කාලයක් සිදු කළ විමර්ශනවල ප්‍රතිඵලයක් මත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා පවසනවා.
මේ වනවිට (06) පැවැත්වෙන විශේෂ පොලිස් මාධ්‍ය හමුවක දී අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ මෙලෙස අර්බුදයට ලක් ව ඇත්තේ කිරිබත්ගොඩ ප්‍රදේශයේ ඇති ඉඩමක් බවයි.
නීතිපති උපදෙස් අනුව දිගු කාලයක් පුරා මෙම සිදුවීම සම්බන්ධයෙන් විමර්ශන සිදු කළ බව ද පොලිසිය පවසනවා.
මෙම සිදුවීම සම්බන්ධයෙන් මර්වින් සිල්වා මහතා ඇතුළු තවත් දෙදෙනකු ද අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ.