මරණ 5ක්

අද (04) දිනයේ මෙරටින් තවත් කොවිඩ් මරණ 5ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ජනරාල් අසේල ගුණවර්ධන මහතා පවසයි.

මෙරටින් මරණ ගණන 489ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ, උස්සාපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 53 හැවිරිදි කාන්තාවක්, ගිරිඋල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 78 හැවිරිදි කාන්තාවක්, කොලොන්නාව ප්‍රදේශයේ පදිංචිව සිටි 72 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචිව සිටි 62 හැවිරිදි කාන්තාවක් සහ බොරලැස්ගමුව ප්‍රදේශයේ පදිංචිව සිටි 70 හැවිරිදි කාන්තාවකි.