AFC Banner
Empty Ad
Empty Ad

මරණ තර්ජනය සිදුකර කෝටි 05ක කප්පම් ඉල්ලූ අයෙක් සී.සී.ඩීයේ අත්අඩංගුවට

පුද්ගලයෙකුට මරණ තර්ජනය සිදුකර රුපියල් කෝටි 05ක කප්පම් මුදලක් ඉල්ලීමේ අපරාධයක් සම්බන්ධයෙන් අවශ්‍යවකර සිටි සැකකරුවෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කුඩාබුත්ගමුව, අංගොඩ ප්‍රදේශයේ දී කොළඹ අපරාධ කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකය විසින් මෙම සැකකරු ඊයේ (20) දිනයේ අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරු වයස අවුරුදු 47ක කුඩාබුත්ගමුව, අංගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සැකකරු සහ පැමිණිලිකරු අතර පැවති ඉඩම් ආරවුලක් හේතුවෙන් සැකකරු විසින් විදේශ රටක සිටින පුත්‍රයෙකු ලවා මෙම මරණ තර්ජන සිදුකර ඇති බවටයි අනාවරණය වී ඇත්තේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?