AFC Banner
Empty Ad
Empty Ad

මරණීය දණ්ඩනය නියම වූ අයෙකුට අභියාචනාධිකරණයෙන් නිදහස

මරණීය දණ්ඩනය නියම වී සිටි වේළුපිල්ලයන් ත්‍යගරාජා හෙවත් සිවරාජා නමැති විත්තිකරුවකු එම දඬුවමෙන් නිදොස් කොට නිදහස් කරන ලෙස අභියාචනාධිකරණය අද (14)දින නියෝග කළා.

එම විත්තිකරු විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව මෙම තීන්දුව ලබා දුන්නේ අභියාචනාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මහත්මියගේ එකඟත්වය මත විනිසුරු විකුම් කළුආරච්චි මහතා විසිනුයි.

2014 වසරේ රුවන්වැල්ල ප්‍රදේශයේ ඇතිවූ පුද්ගලික ආරවුලකින් අනතුරුව පුද්ගලයෙකුට පිහියෙන් ඇන මරා දැමීමේ චෝදනාවට වරදකරු වී මෙම පුද්ගලයා හට අදාළ දඬුවම නියම කිරීමට පියවර ගෙන තිබුණා.

2014 වසරේ පෙබරවාරි මස 07 වන දා රුවන්වැල්ල ප්‍රදේශයේදී ආරුමුගම් චන්ද්‍රසේකරන් නැමැත්තෙකුත්ගේ පපුවට පිහියෙන් ඇණ මරා දැමීම සම්බන්ධයෙන් විත්තිකරුවන් දෙදෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් කෑගල්ල මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කිරීමටයි පියවර ගනු ලැබුවේ.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව 2018 වසරේ අගෝස්තු මස 9 වනදා තීන්දුව ප්‍රකාශයට පත් කළ කෑගල්ල මහාධිකරණ විනිසුරුවරයා වේළුපිල්ලයන් ත්‍යගරාජා නමැති විත්තිකරුට අදාළ චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර තිබෙන හෙයින් ඔහුට මරණීය දණ්ඩනය නියම කරන බවට තීන්දු කළා.

මෙම නඩුවේ තවත් විත්තිකරුකු ලෙස නම්කර සිටි මයිල්වාගනම් මනෝරංජන් නමැත්තා නිදොස් කොට නිදහස් කරන ලෙසත් මහාධිකරණ විනිසුරවරයා විසින් නියෝග කළා.

ඉන් අනතුරුව තමන්ට නියම කර ඇති මරණීය දණ්ඩනයෙන් තමන්ව නිදොස් කොට නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කළ ලෙස ඉල්ලා වේළුපිල්ලයන් ත්‍යගරාජා නමැති විත්තිකරු විසින් අභියාචනාධිකරණය වෙත ඇපෑලක් ඉදිරිපත් කළා.

එම ඇපෑල දීර්ඝ ලෙස විභාග කළ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල සඳහන් කළේ මහාධිකරණ නඩු විභාගයේ දී ඉදිරිපත් වූ සාක්ෂි මහාධිකරණ විනිසුරුවරයා විසින් නිවැරදි ආකාරයෙන් විශ්ලේෂණය කර නොමැති බවයි.

ඒ අනුව මරණීය දණ්ඩනය නියම වී සිටි අදාල විත්තිකරු එම දඬුවමින් නිදොස් කොට නිදහස් කරන ලෙසත් අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල සිය තීන්දුවේ වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?