මරණීය දණ්ඩනය නියම වූ අයෙකුට අභියාචනාධිකරණයෙන් නිදහස

මරණීය දණ්ඩනය නියම වී සිටි වේළුපිල්ලයන් ත්‍යගරාජා හෙවත් සිවරාජා නමැති විත්තිකරුවකු එම දඬුවමෙන් නිදොස් කොට නිදහස් කරන ලෙස අභියාචනාධිකරණය අද (14)දින නියෝග කළා.

එම විත්තිකරු විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව මෙම තීන්දුව ලබා දුන්නේ අභියාචනාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මහත්මියගේ එකඟත්වය මත විනිසුරු විකුම් කළුආරච්චි මහතා විසිනුයි.

2014 වසරේ රුවන්වැල්ල ප්‍රදේශයේ ඇතිවූ පුද්ගලික ආරවුලකින් අනතුරුව පුද්ගලයෙකුට පිහියෙන් ඇන මරා දැමීමේ චෝදනාවට වරදකරු වී මෙම පුද්ගලයා හට අදාළ දඬුවම නියම කිරීමට පියවර ගෙන තිබුණා.

2014 වසරේ පෙබරවාරි මස 07 වන දා රුවන්වැල්ල ප්‍රදේශයේදී ආරුමුගම් චන්ද්‍රසේකරන් නැමැත්තෙකුත්ගේ පපුවට පිහියෙන් ඇණ මරා දැමීම සම්බන්ධයෙන් විත්තිකරුවන් දෙදෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් කෑගල්ල මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කිරීමටයි පියවර ගනු ලැබුවේ.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව 2018 වසරේ අගෝස්තු මස 9 වනදා තීන්දුව ප්‍රකාශයට පත් කළ කෑගල්ල මහාධිකරණ විනිසුරුවරයා වේළුපිල්ලයන් ත්‍යගරාජා නමැති විත්තිකරුට අදාළ චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර තිබෙන හෙයින් ඔහුට මරණීය දණ්ඩනය නියම කරන බවට තීන්දු කළා.

මෙම නඩුවේ තවත් විත්තිකරුකු ලෙස නම්කර සිටි මයිල්වාගනම් මනෝරංජන් නමැත්තා නිදොස් කොට නිදහස් කරන ලෙසත් මහාධිකරණ විනිසුරවරයා විසින් නියෝග කළා.

ඉන් අනතුරුව තමන්ට නියම කර ඇති මරණීය දණ්ඩනයෙන් තමන්ව නිදොස් කොට නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කළ ලෙස ඉල්ලා වේළුපිල්ලයන් ත්‍යගරාජා නමැති විත්තිකරු විසින් අභියාචනාධිකරණය වෙත ඇපෑලක් ඉදිරිපත් කළා.

එම ඇපෑල දීර්ඝ ලෙස විභාග කළ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල සඳහන් කළේ මහාධිකරණ නඩු විභාගයේ දී ඉදිරිපත් වූ සාක්ෂි මහාධිකරණ විනිසුරුවරයා විසින් නිවැරදි ආකාරයෙන් විශ්ලේෂණය කර නොමැති බවයි.

ඒ අනුව මරණීය දණ්ඩනය නියම වී සිටි අදාල විත්තිකරු එම දඬුවමින් නිදොස් කොට නිදහස් කරන ලෙසත් අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල සිය තීන්දුවේ වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බලංගොඩ බිහිසුණු අනතුරේ CCTV දර්ශන එළියට.."අයියෝ ඒ අම්මේ..දෙයියනේ මොකද වුණේ"
01:57
Video thumbnail
බෝඩ්ලන්ඩ් ජලාශ වේල්ලෙන් පැ#න පුද්ගලයාගේ නිසල සිරුර හමුවෙයි
01:28
Video thumbnail
ආණ්ඩුව මේ රට වෙනුවෙන් කිසි දෙයක් කරලා නෑ..ජනතාව ගෙන්නන්න පුළුවන් කියලා අපි පෙන්නුවා නොවැම්බර්
02:56
Video thumbnail
දොර ඇරලා බැලුවේ නැත්තම් අද මගේ කෑලිත් නෑ..මහ පාන්දර ඇවිත් අලි දාන සෙල්ලම් මෙන්න
03:28
Video thumbnail
ජනපතිගේ කතාවෙදි සාගර බයවෙච්ච කාරණය සාගර හෙළිකරයි..මේක රටේ නීතිය අවභාවිතාවක්
04:38
Video thumbnail
බස් රථයක් රියදුරුත් නොමැතිව කඩවල්, වාහන කුඩු කරගෙන මනුස්සයෙක් එක්කම පෙරලෙයි
01:49
Video thumbnail
මත්ද්‍රව්‍ය සමඟ මාට්ටු වූ චීවරධාරීන් රිමාන්ඩ්
00:47
Video thumbnail
මත්ද්‍රව්‍ය සමඟ මාට්ටු වූ චීවරධාරීන් රිමාන්ඩ්..මූණත් වහගෙන පෝළිමට එන හැටි
01:11
Video thumbnail
මහින්දානන්ද පදනම සතු දේපල යළිත් දුම්රිය දෙපාර්තමේන්තුවට.."අපි මේක මහින්දානන්දගේ කාර්යාලය විදියට කළා"
06:31
Video thumbnail
අපි හිරේ යන්න බය නෑ..රස්තියාදුකාරයෝ අපිට වැඩක් නෑ..පොළොන්නරුවේ ටී.බී. සරත්ට සැරටම දෙසයි
06:04