මම කැප කරපු දේවල් වලට වඩා බොහෝ දේ මට ලැබුණා

2020 රූපවාහිනී රාජ්‍ය සම්මාන උලෙළේ දී හොඳම නිළිය ලෙසින් සම්මානිත වූයේ ප්‍රවීණ දක්ෂ චරිතාංග රංගන ශිල්පිනියක් වන ජයනි සේනානායක ය.
ඒ “වීරයා ගෙදර ඇවිත්” හි රංගනය වෙනුවෙනි. මේ දිනවල අතිශය කාර්යබහුල වුවත් ජයනි රංගනය ගැනත් සම්මානය ගැනත් කතා කරන්න අප කළ ආරාධනාව පිළිගත්තේ බොහොම නිහතමානීවයි.

මෙවර රූපවාහිනී රාජ්‍ය සම්මාන උලෙළේ හොඳම නිළිය ඔබ, අපි එතනින් කතාව පටන් ගමු

විශාල සාධාරණ සතුටක් ලැබුවා. මොකද “වීරයා ගෙදර ඇවිත්” කියන්නේ මෑත කාලයේ බිහි වූ විශිෂ්ට ම ටෙලි නිර්මාණයක්. මම එකේ රඟපෑ නිළියක් විදියට නැතුව එළියෙන් ඉඳලා ප්‍රේක්ෂිකාවක් විදියට බලනකොට මම අතිශයින්ම සංවේදී වුණු සහ අතිශයින්ම රසවින්ද උසස් නිර්මාණ විදියට සලකන නිර්මාණ දෙක තුනක් ඇතුළත ඉහළින්ම තියෙන නිර්මාණයක්.

එහි මම ඇතුළු රඟපාපු සියලු දෙනාගේම චරිත හරිම සංකීර්ණ චරිත. ඒකට හේතුව “වීරයා ගෙදර ඇවිත්” ප්‍රස්තුතය එහෙ මෙහෙ දුවන එකක් නෙවෙයි. මේ වටා තියෙන්නේ එක වගේ සිදුවීම් කිහිපයක් වටා දිවෙන චරිත කිහිපයක්. ඒ වගේ චරිත නිරූපණය කරන්න හරි අපහසුයි.

මොකද සිදුවීම් ගොඩක් නැහැ. මෙහි විවිධ මනෝභාවවලට යන්න තියෙන ඉඩ ප්‍රස්තා නැහැ. එකම සිද්ධි දාමයක් ඇතුළෙ කොහොමද ඒ සිදුවීම්වලට මුහුණ දෙන්නේ කියන එක සියුම්ව නිරූපණය කරන්න හරි අමාරුයි.

ඒක හරි සංකීර්ණයි. පොඩි සිදුවීම් කිහිපයක් ඇතුළෙ අඛණ්ඩව පවත්වාගෙන යෑම අතිශයින්ම පුහුණු නළු නිළියන්ට විතරයි ඒක සාර්ථකව කරන්න පුළුවන්. එහෙම පිටපතක් ඇතුළෙ තමයි වැඩ කරන්න සිදු වුණේ.

එය අතිශයින්ම ප්‍රබල පිටපතක්. එහෙම බැලුවම ප්‍රේක්ෂිකාවක් විදියටත් සතුටු වෙනවා මම ඒ චරිත වලට සාධාරණය ඉෂ්ට වීම සම්බන්ධයෙන්. ඒ එක්කම ඒ සාධාරණය ඉෂ්ට වීම තැන මම ඉඳීම ගැන ගොඩක් සතුටු වෙනවා.

ඔබ වාසනාවන්ත නිළියක් කියලා මම කිව්වොත්..

ඇත්තටම එක පැත්තකින් වාසනා ගුණයත් ඇති. අනිත් අතට ඊට එහා ගිය කැපකිරීම සහ මේ දේ තුළ නියැළීම ඇතුළෙ අපි කොයි තරම් දුරට අවංක ද කියන එක. බොහෝ දෙනෙක් මම කරන චරිත කරන්න අකමැතියි.

හැබැයි මට දැනෙනම චරිත තමයි මේවා. කොහොම වුණත් මම ආසම සහ මම ආදරේම චරිත තමයි මම කරන්නේ. ඒ මට ලැබෙන චරිත අනෙකුත් චරිත වලට වඩා වෙනස්. ප්‍රායෝගිකව ගත්තම දුෂ්කර චරිත. සැප පහසුවට කොළඹ හෝ ඒ අවට ඉඳගෙන උදේ ගෙදර ඉඳලා ගිහින් හවසට ගෙදර එන්න පුළුවන් චරිත නෙවෙයි.

කොළඹින් දුර පළාත් වල ගිහින් අව්ව වැස්ස සුළඟ නොතකා උදේ ඉඳන් රෑ වෙනකම් කරන චරිත ලැබෙන්නේ. හැබැයි ඒ චරිතවලට මම ආදරේ කරනවා; ඒවා අසීමිත විදියට මම විඳිනවා. ඒ තමන්ගේ වෘත්තියට කරන කැප කිරීම්. මම ලබා දෙන ගෞරවය සහ අවංකවීම් මත තමයි මම හිතන්නේ මට තව තවත් චරිත ලැබෙනවා ඇත්තේ කියලා මම විශ්වාස කරනවා. ඒ එක්කම මගේ පෙනුමත් පහසුවෙන් එවැනි චරිත බවට පත්කරන්නට පුළුවන් වීමත් එක වාසියක් වෙන්න ඇති.

කොහොමත් මට ඒ චරිත නුහුරු නැහැ. මට හරි ළඟයි, මට හුරුයි.

ගොඩක් අය කියන දෙයක් තමයි වේදිකාවට ආසයි, යොදවන්න කාලය නැහැ කියලා. මෙතරම් කාර්යබහුල වෙලත් ඔබ වේදිකාව අතහරින්නේ නැහැ…ඒ ගැන කිව්වොත්

මම ආදරෙයි වේදිකාවට. මම ආසයි වේදිකාවේ රැඳෙන්න, වැඩ කරන්න ලැබෙන අත්දැකීමට. මාව ශිල්පීය ගුණයෙන් හැමවිටම ඉහළට ඔසවා තබන්නේ වේදිකාව.

ඉතින් වේදිකාවෙන් දුරස් වෙනවා කියන්නේ මට මාව නැති වුණා වගේ. මගේ නිළිකමත් මට අහිමිවුණා වගේ මට දැනෙනවා. ඒ තරම්ම මාව නිළියක් විදියට පෝෂණය කරනවා වේදිකාව. ඒ නිසා ඒ සුහද ගනුදෙනුවට මම හරි ආදරෙයි. මට පුළුවන් වෙනකම් පඩි දෙක තුනක් නැගලා වේදිකාවට නැඟගන්න පුළුවන් වෙනකම් මම වේදිකා නාට්‍යය නම් රඟපායි.

වෘත්තීය කලා ශිල්පිනියක් වීම ගැන, ජීවිතේ ආපස්සට හැරිලා බලද්දී මොකද හිතෙන්නේ
මට සතුටුයි. මම නිළියක් වීම නිසා බොහෝ දේවල් අත්හැරියා. මම ඉගෙන ගත්තේ නර්තනය. බොහොම පහසුවෙන් නර්තන ගුරුවරියක් වෙන්න තිබුණා. එහෙම නැත්නම් වෙන රැකියාවක් කරන්න තිබ්බා. ඒ කිසි දෙයක් නොකර මම රංගනය වෘත්තීය ලෙස තෝරා ගත්තා. ඒ මම කැප කරපු දේවල් වලට වඩා බොහෝ දේ මට ලැබුණා. ඒ දේවල් එක්ක මම තෘප්තිමත්. ලෝකයේ තියෙන අපූර්වතම රැකියාව මේක. මොහොතින් මොහොත වෙනස් වෙනස් චරිත බවට පත්වෙන්න ලැබෙන එකම රැකියාව. මම මගේ වෘත්තීය ගෞරවය ගැන හිතන කෙනෙක්. ඒ නිසා තෘප්තිමත් මගේ මේ වෘත්තීය ජීවතේ ගැන.

උපුටා ගැනීම – සිළුමිණ පුවත්පත

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොටීන්ටත් ත්‍රස්තවාදය ඉගැන්නුවේ ජවිපෙ
05:02
Video thumbnail
අපි පාර්ලිමේන්තුවේ ඉන්නේ බම්බු ග#හන්න නෙමෙයි
03:58
Video thumbnail
මගී ජීවිත එක්ක සෙල්ලම් දාන්න බෑ - කිසිම සමාවක් දෙන්නේ නෑ
06:43
Video thumbnail
රාජපක්ෂ දඩයමක් මේ පටන්අරන් තියෙන්නේ
06:39
Video thumbnail
කථානායකට වැඩ වරදියි ? පැටිකිරිය දයාසිරි හෙළිකරයි
00:46
Video thumbnail
රාජපක්ෂලා කරපු වැරදිවලට අද ආණ්ඩුවේ ඉන්න අයත් කොටස්කාරයෝ
01:21
Video thumbnail
අවු:7ක් මට මේක තහනම් කලාපයක් වෙලා තිබ්බේ..හිටපු විගණකාධිපති සැරටම කිව්ව දේ
09:09
Video thumbnail
කාදිනල් හිමිගෙන් සැර කතාවක්..සල්ලිකාරයොන්ට වෙනම නීතියක් බෑ..මුතුරාජවෙලට අත තියන්න හිතන්නවත් එපා
08:51
Video thumbnail
ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ගුරුවරුන්ගේ විරෝධතාවය අවසන්
02:09
Video thumbnail
නව විගණකාධිපතිනි කට්ටියගෙ අත්පොළසන් මැද කිව්ව සුපිරි කතාව.. අපි හැමෝම සතුටින් ජීවත් වෙමු
04:53


?