spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මම ආසම දමිතා අබේරත්නටයි දුලීකා මාරපනටයි

වෙරි බෑඩ් කියන්නත් සෑඩ් කියලා ඇහුණ ගමන් අපිට තවමත් මතක් වෙන්න ‍රයන්ව.රයන් කියන්නෙ තමන්ට ලැබෙන ඕනම චරිතයකට සාධාරණයක් ඉෂ්ට කරන කලාකරුවෙක්.ඉතිං අද රයන් වෙනුවෙන් අපි අපේ කතා බහ වෙන්කලා

කොහොමද රයන් ජීවිතේ?

ජීවිතේ වරදක් නෑ හොඳයි.ඒත් මේ රටේ තියන කලබලකාරී තත්වෙත් එක්ක දුකින් ගෙදරට වෙලා ඉන්නවා.

ඇයි දුක?

අද රට පත්වෙලා තියන තත්වෙ ගැන දුකයි.හැම මනුස්සයෙක්ටම වගේම මිනිස්සුන්ගෙ රැකියා වලට මේ තත්වෙ බලපාලා තියනවා.ඒ නිසා මනුස්සයෙක් විදියට දුකයි.

කලා කටයුතු වලදි මේ දවස් වල ටිකක් නිහඬයි වගේ..ඇයි ඒ?

ඇත්තටම මේ දවස්වල වැඩක් කෙරෙන්නෙ නෑ.දුර පලාත්වල රූගත කිරීම් වලට යන්න විදියක් නෑ,තෙල් ප්‍රශ්න,Current ප්‍රශ්න..දැන් විකාශය වෙන ටෙලිනාට්‍යය ඇරෙන්න අලුතින් දේවල් කෙරෙන්නෙ නෑ.

ඔබට ලැබෙයි කියලා ආසාවෙන් ඉන්න,ඔබ රඟපාන්න ආස චරිතයක් තියද?

එහෙම නෑ.මට හම්බවෙන හැම චරිතයක්ම අභියෝගයක් විදියට භාරගෙන මම හදවතට එකඟව කරනවා.

ඔබේ පෙනුමත් එක්ක ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර කොහොමද?

මම තමයි ඉතිං field එකේ ඉන්න එකම ලංසියා.ඒ නිසා ප්‍රතිචාර මාර විදියට තියනවා.මම මිනිස්සුන්ට කියන්නෙ පොතේ කවරෙ දිහා බලලා මිනිස්සුන්ව කියවන්න හදන්න එපා.මුලින්ම පොත කියවලා බලලා ඉන්න.කලාකරුවන්වත් ඒ විදියට විනිශ්චය කරන්න..

අමතක නොවෙන ප්‍රේක්ශක ප්‍රතිචාර තියද?

ඔව්.දවසක් මම බම්බලපිටියෙදි සිගරට් එකක් බිබී ඉන්නකොට අවුරුදු 90ක විතර අම්මා කෙනෙක් ඇවිත් කිව්වා මට ඔයාට කම්මුල් පාරක් ගහන්න ඕන කියලා.මම කම්මුලට ගැහුවට පස්සෙ ඔයා ඔය සිගරට් එක විසි කරන්න කියලත් කිව්වා.මම ඒකට ඉඩ දුන්නා.ඒ කම්මුල් පාර හරි සුන්දරයි.ඒ අම්මා ඇවිත් විනාඩි 05ක් විතර මාව බදාගෙන හිටියා.මිනිස්ස්සු හැමෝම බලාගෙන හිටියෙ.මමත් ඒ අම්මව බදාගත්තා.කවුරුත් හිතුවෙ නෑ මම ඒකට ප්‍රතිචාර දෙයි කියලා.ඒක මට ගොඩාක් දැනිච්ච දෙයක්.

ඇයි මේ ෆේස් බුක් එකේ දුක හිතෙන දේවල්ම ශෙයා කරන්නෙ?

මිනිස්සුන්ට දුක සතුට සමව ලැබෙන දෙයක්.ඉතිං මිනිස්සු අපි ගැන අවබෝධයෙන්ද ඉන්නෙ බලන්න මම ඒවා ශෙයා කරලා බලනවා.Comments කියවලා මමම හිනා වෙනවා

ලංකාවෙ ඔබ ආසම නිළිය කවුද?

මම බලන්නෙ මිනිස්සුන්ගෙ හදවත. ගොඩක් අය ඉන්නවා.දමිතා අබේරත්න,දුලීකා මාරපන…ඒ අතර නම් නොකියපු අය ගොඩක් ඉන්නවා..

ඔබේ පවුලෙ විස්තර කිව්වොත්?

මගේ පවුලෙ මමයි මගේ බිරිඳයි,දරුවො දෙන්නයි..

ඉදිරි වැඩ කටයුතු මොනවද?

ලඟදිම ලංකාවෙන් යන්න බලාපොරොත්තුවෙන් ඉන්නෙ.බොහෝ දුරට කලාවෙන් සමුගනියි.ආයෙ ලංකාවට එන්නෙ නැති වෙයි.

ඒකට විශේෂ හේතුවක් තියද?

හිතුනා මේ ඇතියි කියලා.මොකද අපි මිනිස්සුන්ව පිනවනවා,ඒත් අපි මුලින්ම හොයාගන්න ඕන අපේ සතුට.ඒ සතුට හොයන් මම යනවා.

සංවාදය – සචිනි සත්සරණි
Dasatha Lanka News

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?