AFC Banner
Empty Ad
Empty Ad

මනූෂ සී.අයි.ඩි යට

සමගි ජන බලවේගයේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර අද (09/30) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබෙනවා.

ඒ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පද්ධතිය මැකීයාම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ගෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහායි. 

මෙම දත්ත මැකීයාම පිළිබද මනුෂ නානායක්කාර මන්ත්‍රීවරයා තොරතුරු දන්නා බව අනාවරණය වී ඇති බවත් ඒ අනුව එම කරුණු අනාවරණය කරගැනීම සදහා මන්ත්‍රීවරයා කැදවන බවත් එම ලිපියේ වැඩිදුරටත් සදහන්.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඩිජිටල් වෝහාරික විද්‍යාගාරයේ සථානාධිපතිවරයා විසින් මනුෂ නානායක්කාර මන්ත්‍රීවරයාට ලිපියක් යොමු කරමින් දැනුම් දී ඇත්තේ අද පෙරවරු 9.30 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසයි. 

යම් ලෙසකින් එසේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී නොසිටින්නේ නම් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 172 වගන්තිය යටතේ දඩුවම් ලබාදිය හැකි බවද එම ලිපියේ දක්වා තිබෙනවා. 

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පද්ධතිය විනාශවීම සම්බන්ධයෙන් එහි සභාපතිවරයා විසින් පැමිණිල්ලක් ගොනු කර ඇති බවත්, ඒ අතරම ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සමූහ ආරක්ෂක නිලධාරියා විසින් ද පැමිණිල්ලක් ගොනු කර ඇතැයිද මන්ත්‍රීවරයා වෙත යොමු කරන ලද ලිපියේ සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
9 වන විධායක ජනාධිපති ජාතිය අමතා සිදුකරන විශේෂ ප්‍රකාශය සජීවීව
12:11
Video thumbnail
බොරු සෝබන නෑ - කැටයම් නෑ - දැන් අපිට ඉන්නේ - ජව සම්පන්න නායකයෙක් #akd #anurakumaradissanayaka
02:02
Video thumbnail
කැළණියේ කෙල්ලෝ - කොල්ලෝ - මාලිමාවේ ජයග්‍රහණය අමුතුම විදියට සමරයි #npp #anurakumaradissanayaka
02:51
Video thumbnail
ලස්සන පවුල් ජීවිතයක් ගතකරන්න ඔයත් කැමතිද?
05:05
Video thumbnail
ජනාධිපති වුණාට පස්සෙත් - සිඟිති ආතල් ගන්න එක පුදුමයට හේතුවක් #akd #anurakumaradissanayaka
01:25
Video thumbnail
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ - විජිත හේරත් රාජකාරි අරඹයි#npp
03:45
Video thumbnail
පොහොට්ටු ප්‍රභලයෙක් - මාලිමාවේ ගුණ වයයි - පනින්නද? #slpp #npp
01:48
Video thumbnail
ජනපතිටත් කැබිනට් මණ්ඩලයටත් සෙත්පතා - ගම්මු ටිකක් කරපු සුපිරි වැඩේ #npp #anurakumaradissanayaka
04:13
Video thumbnail
🛑Breaking News - 09වන විධායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය අමතා කළ විශේෂ ප්‍රකාශය
10:36
Video thumbnail
🛑Breaking News - සීලරතන හිමිගෙන් විශේෂ ප්‍රකාෂයක් /මෙන්න සම්පූර්ණ කතාව #breakingnews
03:55

?