මනූෂ සී.අයි.ඩි යට

සමගි ජන බලවේගයේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර අද (09/30) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබෙනවා.

ඒ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පද්ධතිය මැකීයාම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ගෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහායි. 

මෙම දත්ත මැකීයාම පිළිබද මනුෂ නානායක්කාර මන්ත්‍රීවරයා තොරතුරු දන්නා බව අනාවරණය වී ඇති බවත් ඒ අනුව එම කරුණු අනාවරණය කරගැනීම සදහා මන්ත්‍රීවරයා කැදවන බවත් එම ලිපියේ වැඩිදුරටත් සදහන්.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඩිජිටල් වෝහාරික විද්‍යාගාරයේ සථානාධිපතිවරයා විසින් මනුෂ නානායක්කාර මන්ත්‍රීවරයාට ලිපියක් යොමු කරමින් දැනුම් දී ඇත්තේ අද පෙරවරු 9.30 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසයි. 

යම් ලෙසකින් එසේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී නොසිටින්නේ නම් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 172 වගන්තිය යටතේ දඩුවම් ලබාදිය හැකි බවද එම ලිපියේ දක්වා තිබෙනවා. 

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පද්ධතිය විනාශවීම සම්බන්ධයෙන් එහි සභාපතිවරයා විසින් පැමිණිල්ලක් ගොනු කර ඇති බවත්, ඒ අතරම ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සමූහ ආරක්ෂක නිලධාරියා විසින් ද පැමිණිල්ලක් ගොනු කර ඇතැයිද මන්ත්‍රීවරයා වෙත යොමු කරන ලද ලිපියේ සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14