මනුස්සකමට කරන්න ගිය උදව්වෙන් ජීවිතය අහිමි වූ හැටි

දෙපිරිසක් අතර ඇති වූ බහින්බස් වීමක් දුරදිග ගොස් සිදු කළ පහරදීමකින් එක් අයෙකු ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

මෙම සිදුවීම ඊයේ (20) සිදුව ඇත්තේ අඹගස්දෝව ප්‍රදේශයේදියි.

දෙපාර්ශ්වය අතර ගස් කැපීමේ සිදුවීමක් මුල් කරගෙන මෙම ඝාතනය සිදු ව ඇති බව වාර්තා වනවා.

මරණකරු කුලියට ගස් කැපීමේ නිරත වන්නෙකු බවත් හෙතෙම මුදල් අය නොකර එම ප්‍රදේශයේ පිහිටි විද්‍යාලයක ගස් කුට්ටි කරදීමට එකඟ වී ඇති බවත්; පහර දුන් පිරිස විසින් මරණකරුගෙන් මුදල් නොගෙන ගස් කැපීමේ හේතු විමසූ අවස්ථාවේ දී මෙම බහින්බස් වීම ඇති ව තිබෙන බවත් පැවසෙනවා.

ඉන් පසුව මුදලට ගස් කපන පිරිසේ තිදෙනෙකු විසින් එක් ව 52 හැවිරිදි ගොඩකුඹුර කන්දේ ඇළ පදිංචි ලාල් කරුණාරත්න නමැත්තෙකුට පිහියෙන් ඇන, මුගුරකින් පහර දී ඇති බවයි පොලිසිය පැවසුවේ.

මරණකරු දැඩි අසාධ්‍යය තත්ත්වයෙන් වැලිමඩ රෝහලෙන් බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණ ද එහිදී ඔහු මරණයට පත් ව තිබෙනවා.

පොලිසිය විසින් සැකකරුවන් අත් අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් වයස අවුරුදු 23,31 හා 38 යන වියෙහි පසුවන ඌවපරණගම පදිංචිකරුවන්.

සැකකරුවන් වැලිමඩ මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
21ට කළින් එළියට එන පාස්කු රහස් - CCTV දර්ශනත් මිසින් - මොනවද ඒවගේ තිබ්බේ
40:43
Video thumbnail
නුවර එළිය පිස්සු වැටුණු සෙනඟ මෙන්න - ගියාට කමක් නෑ වනසලා එන්න නම් එපා
04:10
Video thumbnail
සංගීත ප්‍රසංගය 10.30 නතර කරන්න කියපු නිසා ප්‍රේක්ෂකයෝ පොලිසියේ කකුල් අල්ලලා වැඳ වැටෙයි
07:17
Video thumbnail
නවසීලන්තේ යවනවා කියලා මිනිස්සු රවට්ටලා මහාචාර්යවරියක් ගහපු ගේම් එක මෙන්න
05:57
Video thumbnail
විදුලිබල මණ්ඩලයේ සභාපතිට මණ්ඩලය දුන්නා කියන්නේ නරියට කුකුල් කූඩුව භාර දුන්නා වගේ වැඩක්
06:41
Video thumbnail
හඬා වැටෙමින් පිල්ලයාන් කියපු තවත් දේවල් මෙන්න
19:26
Video thumbnail
පිල්ලයාන් කියන්නේ දේශප්‍රේමියෙක් - රහස් රැසක් එළියට ආ මාධ්‍ය හමුව
38:51
Video thumbnail
සජබය ආණ්ඩුවට සැරටම දෙහි කපයි - අපිට ගොඩක් දුකයි මේ වැඩවලට
06:19
Video thumbnail
පෝය දෙකයි - අපි දෙන්නම් උපකාරක පංති - ඇමති තෝ කොහෙද බොල ඉන්නේ
03:59
Video thumbnail
පිල්ලයාන්ගේ නීතිඥයා දැන් ගම්මන්පිල - මේවට තමයි කුමන්ත්‍රණ කියන්නේ
08:21

?